IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


වාහන තුනක් ගැටී හයදෙනෙකු රෝහලේ

(ශාන්ත චන්ද්‍රසිරි)

තලවකැලේ - නුවරඑළිය මාර්ගයේ ලිඳුල , බෙයාවේල් ප්‍රදේශයේදී වාහන තුනක් ගැටී අද (26) සිදු වූ අනතුරකින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ලිඳුල පොලිසිය පවසයි.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරට පත් ජීප් රථයේ ගමන් කළ පානදුර රෝහලේ වෛද්‍යවරියක් හා ඇගේ වයස අවුරුදු 10 ක හා 15 ක ළමුන් දෙදෙනෙකු හා ත්‍රී රෝද රථයේ රියදුරා හා එහි ගමන් ගත් දෙදෙනෙකු මෙසේ තුවාල ලබා තිබේ.

ත්‍රී රෝද රථයේ රියදුරාගේ පාදයක් බිඳී ගොස් ඇති අතර ඔහු ඇතුළු අනෙකුත් පිරිස වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට මාරු කර යැවූ බව රෝහල් ප්‍රකාශකයෙකු කීය.

තලවකැලේ සිට නුවරඑළියට වැලි පටවාගෙන ධාවනය වූ ටිපර් රථයක් හා නුවරඑළියේ  සිට පානදුරට යාමට පැමිණි ජීප් රථයක් මෙසේ ගැටී ඇති අතර මඩොල්සිම සිට හැටන් යාමට පැමිණි ත්‍රී රෝද රථයක් අනතුරට පත් ජීප් රථයේ පිටුපස ගැටී ඇති බව ලිඳුල පොලිසිය සඳහන් කළේය.

 

 



අදහස් (0)

වාහන තුනක් ගැටී හයදෙනෙකු රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 885 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site