IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


අධිකරණ නියෝගයක් වසර 3කට පසු ක්‍රියාත්මක කරලා

(උපාලි ආනන්ද)
 
උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සියේ හිටපු කළමනාකාරිත්වය  ක‍්‍රියාත්මක නොකළ අධිකරණ නියෝගයක් එහි නව සභාපති සහ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා ප‍්‍රමඛ අධ්‍යක්ෂ මණ්ඩලය වසර තුනකට පසු ක‍්‍රියාත්මක කර ඇත.
 
අධිකරණ නියෝගය ක‍්‍රියාත්මක කර ඇත්තේ උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සියේ සේවය කරන එල්. එම්. දිලීප පුෂ්ප සාගර මහතා එම ආයතනයේ සාමාන්‍යාධිකාරි තනතුරට පත් කරමිනි.
 
දිලීප පුෂ්ප කුමාර මහතා එම ඒජන්සියේ ගනකාධිකාරි තනතුරට හෝ සාමාන්‍යාධිකාරි තනතුරට පත් කරන ලෙස අනුරාධපුර කම්කරු විනිශ්චය සභාව එම පාලනාධිකාරියට 2016  වසරේ සැප්තැම්බර් 22 වන දින නියෝග කර තිබිණි.
 
එම නියෝගයට අභියෝගයට ලක් කරමින්  එය බල රහිත කරන ලෙස ඉල්ලා එම ඒජන්සිය උතුරු මැද පළාත්බද මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි. අභියාචනය සළකා බැලූ  උතුරු මැද  පළාත්බද මහාධිකරණය එය ප‍්‍රතික්ෂේප කරමින් දිලීප පුෂ්ප  සාගර මහතා ගණකාධිකාරි හෝ සාමාන්‍යාධිකාරි තනතුරට පත් කරන ලෙස නියෝග කරමින් අනුරාධපුර කම්කරු විනිශ්චය සභාව ලබාදී තිබූ අධිකරණ නියෝගය යළි තහවුරු කළේය.

එහෙත්  මහාධිකරණයේ නියෝගය ක‍්‍රියාත්මක කිරීම උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සිය පැහැර හැරියේය

අධිකරණ නියෝග දෙකක් ක‍්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සියේ පාලනාධිකාරියට  එරෙහිව දිලීප පුෂ්ප සාගර මහතා විසින් අධිකරණය හමුවේ නඩුවක් ද පවරන ලදී. එම නඩුව ජනවාරි 30 වැනිදා යළි කැඳවීමට නියමිත ය.

 



අදහස් (0)

අධිකරණ නියෝගයක් වසර 3කට පසු ක්‍රියාත්මක කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 43 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 878 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site