IMG-LOGO

ලැප්ටෝප්-දුරකථන සොරා ගත් සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට

(ඩබ් ඒ පියතිලක)

මැදිරිගිරිය දියසෙන්පුර වෙළඳසැළක් බිඳ ලැප්ටෝප් 7ක් ජංගම දුරකථන 7ක් සොරකම් කළ පාසල් සිසුන් තිදෙනෙකු අද (30) අලුයම අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය පවසයි.

මොවුන් සොරා ගත් දුරකථන වලින් කිහිපයක් වෙනත් පුද්ගලයන්ට අලෙවි කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

මෙසේ අතුඅඩංගුවට පත්ව ඇත්තේ හිගුරක්ගොඩ  පංදිචි අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත සිසුන් තිදෙනෙකි.

ඉකත් දෙසැම්බර් 7 වැනිදා දියසෙන්පුර පිහිටි වෙළද ආයතනයක් කඩා එහි උපකරණ  රැගෙන ගොස් ඇති බවට එම ආයතනය විසින් මැදිරිගිරිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව පොලිසිය සිදුකළ විමර්ශන වලින් පසු මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනා හා උපකරණ හෙට (31) හිගුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

ලැප්ටෝප්-දුරකථන සොරා ගත් සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 266 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 136 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1774 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site