IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


දිඹුලාගල රක්ෂිතයක අලියකුගේ සිරුරක්

(නිමල් ජයරත්න 
 
දිඹුලාගල බිම්පොකුණ වෙල්යායට නුදුරින් කුඩා රක්ෂිතයක මියගිය වන අලියෙකුගේ සිරුරක් අද(30) හමු වූ බව ගොවීහු පවසති.
 
අලියාගේ මුඛ ප‍්‍රදේශයේ වෙඩිල්ලක සලකුණක් සහ තුවාලයක් දක්නට තිබෙන බවද ඔවුහු කියති.
 
මෙම වන අලියා මීට දින හතරකට සිට බිම්පොකුණ වැවේ සහ ප‍්‍රදේශයේ සැරිසරමින් සිටි බවත් ඔවුහු කියති.
 
අප මේ පිළිබඳව වෙහෙරගල වනජීවි නිලධාරි කාර්යාලයෙන් කළ විමසීමකදි එහි උසස් නිලධාරියෙකු පැවසුවේ එම අලියාට වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරයෙකු පැමිණ දින කිහිපයකට පෙරදි ප‍්‍රතිකාර කළ බවත්, අලියා මියගොස් ඇත්තේ හක්කපටස් ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් බවට සැක කරන බවත්ය.
 
අලියාට වෙඩි වැදී ඇද්ද යන්න සොයා බලන බවත් ඒ සඳහා පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිත බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

(ඡායාරූප -  ජේ. ඒ. ජයකොඩි)

(ඡායාරූප - නිමල් ජයරත්න)

 



අදහස් (0)

දිඹුලාගල රක්ෂිතයක අලියකුගේ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31929 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14388 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11206 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 12 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 266 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1212 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site