(නිශාන්ත කුමාර )
පස් කන්දක් කඩා වැටීමෙන් මුළුමනින්ම අවහිරව තිබූ පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගය යථා තත්වයට පත්කර ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි .
පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ බටවත්ත අම්බලම ප්‍රදේශයේ දී මාර්ගය අසල තිබූ වේල්ලක් කඩා වැටීමෙන් මාර්ගය මුළුමනින්ම අවහිර වී තිබූ අතර මාර්ගයේ බස් රථ සේවාවන් ඇතුළු ප්‍රවාහන සේවා මුළුමනින්ම නතර වී තිබේ.
ලුණුගල ප්‍රාදේශීය සභාවේ සේවකයින් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මාර්ගය වෙත කඩා වැටී තිබූ පස් කන්ද ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනු ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd