(නාලක සංජීව දහනායක)
ග‍්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේදී ග‍්‍රාමීය ප‍්‍රජා මූල කමිටු අනුමැතිය අනිවාර්යයෙන්ම ලබාගත යුතු බව ආර්ථික ප‍්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවැසීය.
සපිරි ගමක් වැඩසටහනේදී ගමට අවශ්‍යම සංවර්ධන ප‍්‍රතිපත්ති මොනවාද යන්න හඳුනාගැනීම ග‍්‍රාමීය ප‍්‍රජා මූල කමිටු මගින් සිදුවන බවද අමාත්‍යවරයා කීය.
ප‍්‍රාදේශීය දේශපාලනඥයන්, විදුහල්පති, ග‍්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරීන්ගෙන් මෙම ග‍්‍රාමීය ප‍්‍රජාමූල කමිටු සමන්විතවන බව කී අමාත්‍යවරයා ඔවුන් සාකච්ඡා කර අත්‍යවශ්‍යම සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව ප‍්‍රාදේශීය ලේකම්වරයාට දැනුම්දෙනු ඇතැයිද පැවැසීය.
ගම හා නගරය එකහා සමානව සංවර්ධනය කිරීම මගින් සංවර්ධනය තුළින් ඇතිවන විෂමතා අවම කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ග්රාමීය සංවර්ධනයට ප්‍රජා මූල කමිටු අනුමැතිය අනිවාර්යයි