(පියදාස සමරවීර)
පදවිය වනජීවී කලාපයට අයත් ඉඩමක විදුලි වැටක ගැටී විදුලි සැර වැදී වන අලියකු අද(24) මිය ගොස් ඇතැයි වව්නියා වනජීවී අඩවි බාර ආරක්ෂක ඒ. ජේ. ඩී. කේ. තෙන්නකෝන් මහතා කීය.
මිය ගිය අලියා අවුරුදු 20ත් 25ත් අතර වයසක පසුවන වන අලියෙකි.
නිරන්තර වන අලි සැරිසරන 18 කණුව ගම්මානයේ ගෙවත්තක නීතිවිරෝධීව ඇද තිබූ විදුලි වැටකට හසුව අලියා මියගොස් ඇතැයි ඒ මහතා කීය.
අලියාගේ පශ්චාත් වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.
සැකකරු අත්අඩංගුවට ගෙන කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd