IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ගංවතුර පහව යෑම හේතුවෙන් පවුල් 37ක් යළි නිවෙස් කරා යවයි

(වියලුවේ නිශාන්ත කුමාර)

 උල්හිටිය සහ රත්කිද ජලාශ වාන් දැමීම   සහ ප්‍රදේශයේ  තිබූ දිය කඳුරු පිටාර ගැලීම හේතුවෙන් ඇතිවූ හදිසි ගංවතුර තත්වයත් සමග    තාවකාලික සහන කඳවුරු 2ක රඳවා සිටි මහියංගන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මීගහහේන හා තෙල් තෙල්දෙනියාය   ග්‍රාම සේවා වසම් දෙකෙහි පවුල් 37කට අයත් පුද්ගලයින් 138ක්  එම ගංවතුර තත්වය පහව යෑම හේතුවෙන් අද (21) උදෑසන යළිත් ඔවුන්ගේ  නිවෙස් කරා තාවකාලිකව පිටත්කර යැවූ බව මහියංගන ප්‍රාදේශීය ලේකම්  සංජය ප්‍රසාද් වීරසිංහ මහතා පැවසීය.

ඇති වූ   මෙම හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් ඊයේ (20 ) සවස  මීගහහේන ග්‍රාමසේවා වසමේ පදිංචි   පවුල් 22 කට අයත් සාමාජිකයින් 78 දෙනෙකු   බතලයාය ප්‍රජාශාලාවේ පිහිටුවන ලද සහන සේවා කඳවුරක රඳවා තැබුණු  අතර තෙල්දෙනියාය වසමේ පදිංචි පවුල් 15  කට අයත් සාමාජිකයින් 60 දෙනෙකු තෙල්දෙනියාය පාසලේ පිහිටුවන ලද සහන කඳවුරක රඳවා තැබීමට කටයුතු යොදා තිබිණි.

කෙසේ වෙතත් අද (21) උදෑසන ඇති වූ ජලය බැස යෑම් හේතුවෙන් අවතැන්වූවන්ට  සිය නිවෙස් සකස්කර ගැනීම සඳහා ඔවුන් පදිංචිව සිටි නිවෙස් කරා තාවකාලිකව පිටත්කර යැවූ බවත් අවශ්‍ය වුවහොත් ඔවුන් යළි සහන සේවා ස්ථාන වෙත කැඳවීමට අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත් ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

ගංවතුර පහව යෑම හේතුවෙන් පවුල් 37ක් යළි නිවෙස් කරා යවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 56 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 890 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site