IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මිනීමැරුමකට සම්බන්ධ තිදෙනෙකුට මරණ දඬුවම

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
පුද්ගලයකුට පොලුවලින් පහර දී පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් තිදෙනෙකුට මරණීය දණ්ඩනය ලබාදීමට පානදුර මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා නියෝග කළේය.
 
එම චෝදනාවලට ලක්ව සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු නිදොස් කර නිදහස් කිරීමට වැඩිදුරටත් නියෝග කෙරිණි.
 
මරණ දණ්ඩනය නියම වූයේ  පානදුර අලුබෝමුල්ල පදිංචි උස්වත්ත ලියනගේ විජයානන්ද පෙරේරා, නානායක්කාර අඹුලුගමගේ මංජුල හෙවත් ගංජා මංජු හා හල්පවන්තගේ කුමාරසිංහ හෙවත් කුඩු මංජු නමැත්තන්ය.
 
නිදොස් කර නිදහස් කර ඇත්තේ හැලිකඩ ආරච්චිගේ සංජීව හා රුවන් අහමඩ් නැමැත්තන්ය.
 
2003 අප්‍රේල් 14 වැනි දින පානදුර අලුබෝමුල්ල පදිංචි ගලහිටියාවගේ රංජිත් නමැත්තා සමඟ පැවැති ආරවුලක් හේතුවෙන් ඔහුව ඝාතනය කර තිබූ අතර 2005 වසරේ සිට වසර 14ක් මෙම නඩුව මහාධිකරණයේදී විභාග විය. මීට පෙර ලබාදුන් නඩු තීන්දුවෙන් මෙහි පුද්ගලයන් පස්දෙනාට මරණීය දණ්ඩනය හිමි වූ අතර, ඔවුන් විසින් ඇපෑලක් ඉදිරිපත් කිරීමෙන් පසු ඉහත නියෝගය කරන ලදී.
 
පැමිණිල්ල පානදුර පොලිසියේ අධිකරණ කටයුතු භාර පොලිස් කොස්තාපල් 75201 විජේවර්ධන මහතා විසින් සිදුකරන ලදී.



අදහස් (1)

මිනීමැරුමකට සම්බන්ධ තිදෙනෙකුට මරණ දඬුවම

Sirisena Friday, 20 December 2019 01:02 PM

ඔය මරණ දඬුවම අමතක කරලා දාන්න කරුණාකරලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site