(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරනිපාත වර්ෂාව හේතුවෙන් මහඔය බොගමුයාය ගම්මානයේ හිරවී සිටි පුද්ගලයින් 7 දෙනෙකු අද(20) යුද හමුදාවේ නිලධාරීන් බේරා ගෙන තිබේ.
අම්පාරේ එක්ගල්ඔය වැව වාන් දැමීම ආරම්භ වී ඇතැයි වාර්මාර්ග දෙපාර්මේන්තුව පවසයි. ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අඩි 91 දක්වා ඉහළ ගොස් ඇති අතර, මහඔය මහා සියඹලාගස් කණ්ඩිය වැවේ වැව් බැම්ම කඩාගෙන යෑමේ තර්ජනයකට ද ලක්ව තිබේ.
සිවිල් ආරක්ෂක බලකාය සහ යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එයට සහය දක්වයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd