(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම නානට්ටාන් ප්‍රදේශයේ දින 7ක් පුරාවට අතුරුදන් වූ තරුණයකුගේ මළ සිරුරක් කැලෑවක තිබී හමු වූ බව මුරුන්ගන් පොලීසිය පවසයි.
නානට්ටාන් ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ඇන්ටෝනිස් නිමාල් නැමති තරුණයා නානට්ටාන් ප්‍රාදේශීය සභාවේ ක්ෂේත්‍ර නිලධාරීයකු වශයෙන් සේවය කර ඇත.
පසුගිය 14 වැනිදා රාජකාරි කටයුත්තක් වෙනුවෙන් නිවසින් පිටව ගොස් ඇති අතර නමුත් ඔහු නිවසට නොපැමිණීමෙන් ඔහුගේ බිරිඳ විසින් මුරුන්ගන් පොලිසියට පැමිණිලි කර තිබේ.
තරුණයා මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් මන්නාරම් රෝහලේ තැන්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මුරුන්ගන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd