බඹරු ඇනීමෙන් වතු කම්කරුවන් 15ක් රෝහලේ බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ ඉහළ කොටසේ තේ වත්තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් 15 දෙනෙකු අද(18) බඹරු ඇනීමෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇත. 18 December 2019
ඌවේ රැකියා විරහිත උපාධිධාරීහු නිහඬ විරෝධයක තම රැකියා ප්‍රශ්නයට මෙතෙක් විසඳුම් ලබාදී නැතැයි පවසමින් ඌව පළාත් රැකියා විරහිත උපාධිධාරීන් සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් ඌව ආණ්ඩුකාර කාර්යාලය ඉදිරියේදී අද (18) පැවැත්විණි. 18 December 2019
පාර මාරුවෙමින් සිටි අයෙක් රිය අනතුරකින් මරුට පන්නිපිටිය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් අසළ පාර මාරුවෙමින් සිටි පුද්ගලයකු අද(18) යතුරු පැදියක ගැටී මියගොස් ඇතැයි කොට්ටාව පොලිසිය කියයි. 18 December 2019
විදුලි සැර වැදී අලියෙක් මරුට ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයේ විසූ වන අලියකු මනම්පිටිය ප්‍රදේශයේ පිහිටි ගෙවත්තක ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක දැවටී විදුලි සැරවැදී අද (18) මිය ගොස් ඇතැයි වනජීවි නිලධාරීහු පවසති. 18 December 2019
තලාවිටිය වත්තේ නිවසකට බෝම්බ ප්‍රහාරයක් ඇහැළියගොඩ පොලිස් වසමට අයත් තලාවිටිය වත්තේ පිහිටි නිවසකට අද (18) අලුයම බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඇතැයි ඇහැළියගොඩ පොලීසිය කියයි. 18 December 2019
‘‘මඩ ගැසීම් වලින් - කැළෑ පත්තර වලින් තමන්ව පැත්තකට විසිකරන්න බෑ‘‘ මහමැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා නවීකරණයක් අවශ්‍ය බවත් නව මුහුණුවරකින් නව ප්‍රතිපත්තිමාලාවක් සමඟ ඉදිරි මැතිවරණයේදී ලබාගත හැකි ඉහළම ජයග්‍රහණය ලබා ගැනීමට තමන් කැපවෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 17 December 2019
ජලබෝතල් වෙනුවට ජල වීදුරු පිළිගන්වන්නැයි ජනපතිගෙන් උපදෙස් ජනාධිපති කාර්යාලයේ දෛනිකව පැවැත්වෙන සාකච්ඡා සහ හමුවීම් සඳහා මින් ඉදිරියට ප්ලාස්ටික් ජලබෝතල් වෙනුවට ජල වීදුරු පිළිගැන්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කාර්යමණ්ඩලයට උපදෙස් දී තිබේ. 17 December 2019
පොලිස් නිලධාරියෙකු හප්පා ත්‍රීරෝද රථ රියදුරු පලායයි ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු බිබිල කොටගම මංසන්දියේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පොලිස් නිලධාරියෙකු හප්පා අද (17) පලා ගොස් ඇතැයි බිබිල පොලිසිය පවසයි. 17 December 2019
කඩුවෙල මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකුට පහරදීමක් අතුරුගිරිය වල්ගම පාර ප්‍රදේශයේ තාප්පයක චිත්‍ර අදිමින් සිටි පිරිසකට ආහාර පාන ලබා දීමට ගිය කඩුවෙල මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකුට ජාතික නිදහස් පෙරමුණේ පාක්ෂිකයෙකු බව කියන පුද්ගලයෙකු විසින් අද (17) පහර දී ඇති බව අතුරුගිරිය පොලිසිය කියයි. 17 December 2019
හෙරොයින් සමඟ දෙදෙනෙක් බදුල්ලේදී පොලිස් දැලේ හෙරොයින් මිලිග්‍රෑම් 6019 ක්ද සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අද (17) බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේදී බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 17 December 2019
මීරිගම ප්‍රා.සබේ සභාපති ඉදිරිපත් කළ යෝජනාවකට එජාපයේ - ජවිපේ විරෝධය පළාත් සභා පනතේ පවතින රට බෙදීමට තුඩු දෙන වගන්ති තුනක් ඉවත් කිරීම සහ මහ මැතිවරණය පළමුව පවත්වන ලෙස කරන යෝජනාවක් මීරිගම ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් නන්දසිරි රණතුංග මහතා අද (17) පැවති මාසික සභා රැස්වීමට ඉදිරිපත් කළේය. 17 December 2019
නියාගම ප්‍රා.සභාවේ අයවැය සම්මතයි නියාගම ප්‍රාදේශීය සභාවේ 2020 වසර වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය අද (17) දින ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. 17 December 2019
වර්ණක යොදා පරිප්පූ විකිණූ ව්‍යාපාරිකයාට දඩ වර්ණක යොදා සකස් කළ පරිප්පු කිලෝ 3800 ක් විකිණිමට සුදානමින් ගබඩාකර තිබූ පිටකොටුව තොග වෙළඳසැලක ව්‍යාපාරිකයකුට මාලිගාකන්ද අධිකරණය මගින් අද (17) රුපියල් 20,000 ක දඩයක් නියම කර රුපියල් ලක්ෂ 6 ක් පමණ වටිනා පරිප්පු තොගය විනාශ කිරිමට නියෝග කර තිබේ. 17 December 2019
බන්ධනාගාරයට හෙරොයින් ගෙන ගිය මව රිමාන්ඩ් ගාල්ල බන්ධනාගාරයේ සිටි රැඳවියකුට කලිසමක වාටියේ සඟවා හෙරොයින් ලබාදීමට තැත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ සැකකාර මව 30 වන දින දක්වා බන්ධනාගාර ගතකිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(17) නියෝග කළේය. 17 December 2019
දියනෑමට ගිය තරුණයෙක් දියේ ගිලී මරුට දියනෑමට යාමේදී සෙවනගල කොවුල්ආර උතුර කටුපිල වැවේ දියේ ගිලී අතුරුදන්ව සිටි තරුණයාගේ මළ සිරුර අද (17) ගොඩගෙන ඇතැයි සෙවනගල පොලීසිය පවසයි. 17 December 2019
බෙලිහුල්ඔයේ දියනෑමට ගිය අයෙක් මරුට බලන්ගොඩ බෙලිහුල්ඔයේ දිය නෑමට ගිය පුද්ගලයකු දියේ ගිලී අද(17) මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 17 December 2019
මීරිගම ප්‍රා.සබේ අය වැය විරෝධතා මැද සම්මත වෙයි මීරිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මාසික රැස්වීමට ඉදිරිපත් කළ 2020 වසර සදහා වන අයවැය ලේඛනයට එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් සභා ගර්භයේ පුවරු ඔසවා විරෝධය දැක්වූ අතර පක්ෂව ඡන්ද 31 ක් හා විපක්ෂව ඡන්ද 15 ලබා වැඩි ඡන්ද 16 කින් අයවැය යෝජනා අද (16) සභා සම්මතවිය. 17 December 2019
ගිංතොට තුනීලෑලි සංස්ථාවේ ඉඩම රජයට පවරා ගන්නැයි යෝජනාවක් රජයට අයත්ව තිබී මේ වනවිට පෞද්ගලික අංශයට විකුණා තිබෙන ගිංතොට තුනීලෑලි සංස්ථාව පිහිටි ඉඩම නැවත රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා සිටීමට බෝපෙ පෝද්දල ප්‍රදේශීය සභා රැස්වීම්දී අද(17) යෝජනාවක් සම්මත කරගනු ලැබිණ. 17 December 2019
කතුන් දෙදෙනාට පහර දුන් සැකකරුවන් අත්අඩංගුවට වෙස් මුහුණු පැළැද තියුණු ආයුධ අතැතිව බණ්ඩාරගම කඹුරුගොඩ දේවාලයකට කඩා වැදී දේවාලය පවත්වාගෙන යන කාන්තාවට හා ඇයගේ මවට පහරදී තුවාල සිදුකළ සැකකරුවන් දෙදෙනා අද (17) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි. 17 December 2019
බඬ ඉරිඟු හේන රකිමින් සිටි සිසුවා වගා ළිඳකට වැටී මරුට රිදීමාලියද්ද කන්දේගම ගම්මානයේ බඩ ඉරිගු හේනක් සතුන්ගෙන් රකිමින් සිටි බව කියන වයස අවුරුදු 7 පාසල් සිසුවකු වගා ළිඳකට වැටී මිය ගොස් ඇති බව පොලීසිය කියයි. 17 December 2019
මතුගම මන්ත්‍රීට පහර දුන් ව්‍යාපාරිකයා අත්අඩංගුවට මතුගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුරේෂ් ජයසේකර මහතාට පහර දීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන වැලි ව්‍යාපාරිකයා හා තවත් පුද්ගලයකු අද (17) අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය පවසයි. 17 December 2019
ජිපීඑස් ඔස්සේ සැමියා සොයා ගිය බිරිය අත්අඩංගුවට නවීන පන්නයේ ජංගම දුරකථනයක් අත දරාගෙන බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සැකකටයුතු ලෙස රැදී සිටි කාන්තාවක් අද (17) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි. 17 December 2019
වැලි ප්‍රවාහන බලපත්‍ර අවලංගු කිරීමෙන් මහාපරිමාණ වැලි ජාවාරම් වැලි ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමත් සමඟ වැලි ජාවාරම්කරුවන් විසින් මුලතිව්හි ප්‍රදේශ කිහිපයක සිදු කරගෙන යන නීතිවිරෝධී වැලි ගොඩදැමීම් හේතුවෙන් ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව දැඩි අසීරුතාවයන්ට පත්ව සිටිති. 17 December 2019
මාර්ග නීති කැඩූ 53 ක් දැනුවත් කිරීමේ පන්තියට බදුල්ලේ මාර්ග නීති නොපිළිපදිමින් වැරදි සිදුකරන රියදුරන් 53 දෙනෙකු විශේෂ මාර්ග නීති පිළිබඳ දැනුවත් කිරීමේ පන්තියකට යොමු කිරීමට බදුල්ල පොලිසිය පියවර ගෙන තිබේ. 17 December 2019
නාය ගිය නග්රැක් මාර්ගය සතියක් තිස්සේ වසාදමලා ඉඹුල්පේ නග්රැක් මාර්ගයේ නායගිය කොටස යථා තත්වයට පත්කිරීමට බාධා එල්ල වීම හේතුවෙන් සතියක පමණ කාලයක් මාර්ගයේ ගමනාගමන කටයුතු සිදුකරගත නොහැකිව ජනයා පීඩාවට පත්ව ඇතැයි ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතා කියයි. 17 December 2019
කරාපිටියේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගාල්ල කරාපිටිය පිළිකා රෝහල පාරේ ගමන්ගත් පුද්ගලයෙක් අද (16) පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 5550 අත්අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි. 16 December 2019
ඌරුජුවාගේ ගෝලයෙකු බියගමදී අත්අඩංගුවට රිමාන්ඩ් භාරයේ සිටින පාතාල නායකයෙකු වන දිනෙත් මිලන් හෙවත් ඌරුජුවා නැමැත්තා බන්ධනාගාරයේ සිට දුරකතන හරහා තර්ජනය කර ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලන ලද කප්පම් මුදල් එක්රැස් කරන පුද්ගලයෙකු කඩුවෙල බියගම දී අද (16) අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කියයි. 16 December 2019
අ’පුර අපද්‍රව්‍ය කීරික්කුලම අංගනයට බැහැර කිරීම අත්හිටුවයි අනුරාධපුර නගරයේ අපද්‍රව්‍ය මින් ඉදිරියට කීරික්කුලම කසළ අංගනයට බැහැර කිරීම වහා ක්‍රියාත්මක වන පරිදි මුළුමණින්ම අත්හිටුවන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අනුරාධපුර නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතාට අද (16) නියෝග කළේය. 16 December 2019
වාහන බැටරි සොරකම්කළ දෙදෙනෙකු අත්අඩංගුවට බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරවල නතර කර ඇති රථවාහනවලින් බැටරි සොරකම්කළ පුද්ගලයින් දෙදෙනෙකු බැටරි දහයක් සමඟ අද (16) හාලිඇල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතයි හාලිඇල පොලිසිය පවසයි. 16 December 2019
කටුපිල වැවේ දියනෑමට ගිය තරුණයෙක් අතුරුදන් සෙවණගල කොවුල්ආර උතුර කටුපිල වැවේ දියනෑමට ගිය තරුණයෙකු අද (16) හවස දියේ ගිලී අතුරුදන්ව ඇතැයි සෙවනගල පොලීසිය පවසයි. 16 December 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025