(උපාලි ආනන්ද)
අනුරාධපුර නගරයේ අපද්‍රව්‍ය මින් ඉදිරියට කීරික්කුලම කසළ අංගනයට බැහැර කිරීම වහා ක‍්‍රියාත්මක වන පරිදි මුළුමණින්ම අත්හිටුවන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප‍්‍රසන්න සමරසිංහ මහතා අනුරාධපුර නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතාට අද (16) නියෝග කළේය.
කීරික්කුලම අවට පදිංචිකරුවන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් නොවන අයුරින් මාස 6 ක් ඇතුළත විධිමත්ව කසළ බැහරකරන්නැයි අධිකරණය මීට මාස 6 කට පෙර ලබා දුන් නියෝග අනුරාධපුර නාගරික කොමසාරිස්වරයා ඇතුළු වගඋත්තරකරුවන් කඩකිරීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කෙරිණි.
අනුරාධපුර ගල්කුලම කීරික්කුලම ශ‍්‍රී බෝධිරාජ ධර්මාලංකාර විහාරාධිපති පූජ්‍ය පීනගම සද්ධාජීව හිමියන් ඇතුළු ප‍්‍රදේශවාසීන් 10දෙනෙකු නීතීඥ අනුරුද්ධ විජේරත්න මහතා මගින් අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. එහි වගඋත්තකරුවන් ලෙස අනුරාධපුර නැගෙනහිර නුවර ගම් පළාත ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, එහි ලේකම්වරයා, අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා, එහි ලේකම්වරයා, නාගරික කොමසාරිස්වරයා මධ්‍යම පරිසර අධිකාරිය උතුරු මැද පළාත් පාලන කොමසාරිස්වරයා, උතුරු මැද පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම්වරයා සහ අනුරාධපුර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා යන අය නම් කර තිබුණි.
මීට මාස 6 කට පෙර පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා කියාසිටියේ අනුරාධපුර නගර සීමාවේ සියලු කසළ බැහැර කරනු ලබන්නේ කීරික්කුලම කසළ අංගනයට බවය. මෙම කසළ බැහැර කිරීම් අනුරාධපුර මහ නගර සභාව විධිමත්ව සිදු නොකරන බැවින් අවට පදිංචිකරුවන්ගේ සෞඛ්‍යයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව අධිකරණයට කියා සිටි නීතිඥවරයා අනුරාධපුර මහ නගර සභාව අවිධිමත්ව බැහැර කරන කසළ සුනඛයින් රැගෙන ගොස් පදිංචිකරුවන්ගේ නිවාස ආසන්නයේ දමා යන බවද කීය.
අපද්‍රව්‍ය මිශ‍්‍ර විෂබීජ සහිත අපජලය වැසි පවතින දිනවල පදිංචිකරුවන්ගේ නිවාසවලට ගලා යන බවද විවිධ රෝග පැතිරයාමේ බරපතල තත්වයක් උද්ගත වෙමින් පවතින බවද ඔහු පැවසීය.
මහජන සෞඛ්‍යයට හානියක් නොවන අයුරින් විධිමත්ව කීරික්කුලම කසල අංගනයට අපද්‍රව්‍ය බැහැර කරන ලෙස අනුරාධපුර නාගරික කොමසාරිස්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කරන්නැයිද නීතිඥ විජේරත්න මහතා අධිකරණයෙන් අයැද සිටියේය. ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා වගඋත්තරකරුවන්ට මාස 6 ක් ඇතුළත කීරික්කුලම කසල අංගනයට මහජන සෞඛයට හානියක් නොවන අයුරින් විධිමත් කරන ලෙස පැවසීය.
නඩුව යළි අද කැඳවූ අවස්ථාවේ මීට මාස 6 ට පෙර අධිකරණය ලබා දුන් නියෝගය වගඋත්කරුවන් කඩ කර ඇති බවට නිගමනය කළ මහේස්ත‍්‍රාත්වරයා කීරික්කුලම කසල අංගනයට අපද්‍රව්‍ය බැහැර කිරීම අත්හිටුවන ලෙසට නියෝග කළේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අ’පුර අපද්‍රව්‍ය කීරික්කුලම අංගනයට බැහැර කිරීම අත්හිටුවයි
hesa Tuesday, 17 December 2019 09:04 AM
ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරුගේ අණ ක්‍රියවේත් යෙදෙනවා නම් කොපමණ අගෙයිද ?