(විජේරත්න රත්නායක)
හෙරොයින් මිලිග්‍රෑම් 6019 ක්ද සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අද (17) බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේදී බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ බදුල්ල බදුලුපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක් සහ අවුරුදු 24 ක්වූ තරුණයින් දෙදෙනෙකි.
මින් එක් සැකකරුවෙකු පැදවූ ත්‍රිරෝද රථයක් සෝදිසි කිරීමේදී එහි සඟවා තිබූ මත්කුඩු මිලිග්‍රෑම් 2571 ක් සහ සැකකරු සන්තකයේ තිබූ තවත් මත්කුඩු මිලිග්‍රෑම් 958 ක්ද සොයාගෙන තිබේ.
කයිලගොඩ වැඩිහිටි නිවාසය ඉදිරිපිට මාර්ගයේ සැකකටයුතු ලෙස හැසිරුණු අනෙක් සැකකරු සෝදිසි කිරීමේදී ඔහු සන්තකයේ තිබූ මත්කුඩු මිලිග්‍රෑම් 2490 ක්ද පොලිසිය මඟින් සොයාගෙන ඇත.
ඒ අනුව අදාළ මත්කුඩු සමඟ මෙම සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.
බදුල්ල දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ වැඩබලන ස්ථානාධිපති පො.සැ. 22605 කරුණාසුන්දර මහතා ඇතුළු නිලධාරීන් අදාළ වැටලීම සිදුකර තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හෙරොයින් සමඟ දෙදෙනෙක් බදුල්ලේදී පොලිස් දැලේ