IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


බන්ධනාගාරයට හෙරොයින් ගෙන ගිය මව රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)
 
ගාල්ල බන්ධනාගාරයේ සිටි රැඳවියකුට කලිසමක වාටියේ සඟවා හෙරොයින් ලබාදීමට තැත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ සැකකාර මව 30 වන දින දක්වා බන්ධනාගාර ගතකිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(17) නියෝග කළේය.
 
මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබුවේ තෙල්වත්ත මැටිවල ප්‍රදේශයේ පදිංචි  හල්බඩ ආරච්චි රෝහිණි නමැති 52 හැවිරිදි මවකි.
 
අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් බන්ධනාගාර ගත කර සිටින තම පුතාට ලබාදීම සඳහා ඇය ඊයේ(16) කලිසමක් ගෙනැවිත් ඇති අතර බන්ධනාගාර අධිකාරි සේනක පල්ලෙවත්ත මහතාගේ උපදෙස් පරිදි  බන්ධනාගාර නියාමක නිමල් වඩුගේ මහතා  විසින් එය පරීක්ෂා කිරීමේදී පළලට මැසූ එහි වාටියේ සඟවා තිබූ හෙරොයින් සොයා ගෙන ඇත.
 
පසුව ඇය අත්අඩංගුවට ගෙන අධිකරණමය කටයුතු සඳහා පොලිසියට බාරදෙන ලදී. පොලිසිය විසින් කලිසමේ වාටියේ සඟවා තිබු   හෙරොයින් කිරා බැලිමේදි එම ප්‍රමාණය ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 550ක් බවට තහවුරු කරගෙන ඇත.
 
ගාල්ල පොලිසියේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක මල්ශ මුද්යාත් සැරයන්වරුන්වන අබේතුංග(43504)තුෂාර(3391)කාන්තා කොස්තාපල් ශ්‍රියාණි(1254) යන මහත්ම මහත්මින් විසින් විසින් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරන ලදි.



අදහස් (0)

බන්ධනාගාරයට හෙරොයින් ගෙන ගිය මව රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31973 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14419 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11220 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 17 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 277 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1221 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site