IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


ජලබෝතල් වෙනුවට ජල වීදුරු පිළිගන්වන්නැයි ජනපතිගෙන් උපදෙස්

(නාලක සංජීව දහනායක)

ජනාධිපති කාර්යාලයේ දෛනිකව පැවැත්වෙන සාකච්ඡා සහ හමුවීම් සඳහා මින් ඉදිරියට ප්ලාස්ටික් ජලබෝතල් වෙනුවට ජල වීදුරු පිළිගැන්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කාර්යමණ්ඩලයට උපදෙස් දී තිබේ.

ඒ අනුව ජනාධිපති කාර්යාලයේ දෛනිකව පරිභෝජනයට ගත් ප්ලාස්ටික් ජල බෝතල් පරිසරයට එකතුවීම සැළකිය යුතු ප්‍රමාණයකින් අඩුවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ජනාධිපතිවරයාගේ මෙම තීරණය අමාත්‍යංශ හා සෙසු රාජ්‍ය ආයතනවලද ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි අපේක්‍ෂා කෙරෙන අතර ඒ අනුව පරිසර දූෂණය අවම කිරීමට හැකියාව ලැබෙනු ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගත් මෙම තීරණය පරිසර සංවිධාන විසින් පැසසුමට ලක්කර තිබේ.



අදහස් (1)

ජලබෝතල් වෙනුවට ජල වීදුරු පිළිගන්වන්නැයි ජනපතිගෙන් උපදෙස්

විජිත් Wednesday, 18 December 2019 12:17 PM

හොඳ අදහසක්...!!! මම ගෝඨාගේවත් රනිල්ගේවත් " හෙන්චෙක් " නොවන බව මුලින්ම කිව යුතුයි. යමෙක් රටට වැඩදායි ,හොඳ දෙයක් කලවිට එය අවංකවම අගේ කිරීම පක්ෂ පාට භේදයකින් තොරව කලයුතුයි කියලයි මම නම් හිතන්නේ. එසේ නොකලොත් මම කුහකයෙක් කියා මගේම හදවත මට කියාවි. ප්ලාස්ටික් බෝතල් වලට හිරු එලිය වැටුන විට ඉර එළියේ තියෙන අල්ට්‍රා වයලට් කිරණ මගින් බෝතලය සැදුන සමහර සංගටක ක්‍රමයෙන් වියෝජනය වෙනවා. ඒවා එකතුවෙන්නෙත් බෝතලයේ තියෙන ජලයටමයි. ඒ වගේමයි ඉතාමත්ම කුඩා(ප්ලාස්ටික්වල තිබෙන ) මයික්‍රෝ ඩස්ට් ජලයට එකතුවෙනවා. විශේෂයෙන්ම මේ ප්ලාස්ටික් බෝතල් සැදීමේදී භාවිතා කරන බිස්ෆිනොල් A ( bisphenol A ) නම් කෘත්‍රිමකාබනික සංයෝගය ජලයට එකතුවෙනවා. මේ සංයෝගය අපේ ශරීරයේ ඇති අන්තරාසර්ග ග්‍රන්තිවලට බලපාන බවත් ඒ නිසා ශරීරයේ ඊස්ට්‍රජන් හෝමෝනයේ වෙනස් කම් සිදුවන බවත් මෑතකදී සොයාගෙන තියෙනවා. ඒ නිසා භාවිතා කිරීමේදී අපහසු වුනත් ( බර වැඩියි, බිඳෙන සුළුයි..) අපිට හැකිනම් විදුරු බෝතල් පාවිච්චි කරන්න, අපිට නිරෝගීව වැඩි කලක් ජීවත්වන්නට හැකිවේවි. ඒ වගේම අපේ පරිසරය කියන අපි සියලුදෙනාගේම" අම්මා" ආරක්ෂා වේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 304 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 158 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1823 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site