IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


ගිංතොට තුනීලෑලි සංස්ථාවේ ඉඩම රජයට පවරා ගන්නැයි යෝජනාවක්

(සිරංගිකා ලොකුකරවිට) 

රජයට අයත්ව තිබී මේ වනවිට පෞද්ගලික අංශයට විකුණා තිබෙන ගිංතොට තුනීලෑලි සංස්ථාව පිහිටි ඉඩම නැවත රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා සිටීමට බෝපෙ පෝද්දල ප්‍රදේශීය සභා රැස්වීම්දී අද(17) යෝජනාවක් සම්මත කරගනු ලැබිණ.

එහිදී අනාවරණය වූයේ කර්මාන්තශාලාව සහිත අක්කර 17කින් යුත් මෙම ඉඩම 2018 වර්ෂයේදී නිදහස් ඔප්පුවකින් ඉතා අඩු මුදලකට පුද්ගලික ආයතනයකට විකුණා ඇති බවයි. එය වර්තමාන හිමිකරු විසින් ඉඩම නැවත කොටස් කර විකිණීමට සූදානම්ව පවතින බවත් මෙය ජාතික අපරාධයක් බැවින් මෙම කර්මාන්තශාලාව පිහිටි ඉඩම නැවත රජයට පවරා ගන්නා ලෙස යෝජනා කෙරිණ.

එහිදී අදහස් දක්වමින් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් අබේකෝන් මහතා මෙසේ පවසා සිටියේ ය.

“මෙය වර්තමානයේ සම්පූර්ණයෙන්ම පෞද්ගලික ඉඩමක් බවටයි පවතින්නේ. 1994 වසරේ තමයි පෞද්ගලික ඉඩමක් බවට පත්කරලා තියෙන්නේ. 2018දී ඔප්පුවකින් පවරා දීලා තියෙනවා. මේ ඉඩම කොටස් 6කට කැඩීමට ඔවුන් සැලසුම් කරලා තිබෙනවා. ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ඇතුළු සියලු අවශ්‍යතා සම්පූර්ණ කර තිබුණා. නමුත් මම එය තාවකාලිකව නැවැත්තුවා.  එය පුද්ගලික ඉඩමක් බවත් පිඹුරුපත් හා අනුබෙදුම් තාවකාලිකව අත්හිටුවීමට මට බලයක් නොමැති බවත් දන්වා ඉඩමේ හිමිකරු සභාවට ලිපියක් එවා තිබෙනවා. කෙසේවුවත් මෙම ඉඩම වෙන්දේසි කිරීමට නම් සභාව කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ” යැයිද කීය. 

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ගයාන් ගීතික ලියනගේ මහතා පවසා සිටියේ දුප්පත් අයෙකුට රජයෙන් ඉඩමක් ලබා දෙනවිටත් එය ප්‍රාදේශීය ලේකම් යටතට පත්කර ලබාදෙන බවත් මෙවැනි විශාල වටිනාකමකින් යුත් ඉඩමක් නිදහස් ඔප්පුවකින් පවරා දුන්නේ කෙසේද යන්න සොයා බලන ලෙසත් ය.

හුසේන් කියාස් මහතා මෙසේ කීය.

“2004 වර්ෂයේ ගිංතොට ඉස්කෝලෙ සුනාමියට ගියපු වෙලාවෙ පාසල හදන්න මේ ඉඩම ඉල්ලුවා. ඔවුන් දුන්නේ නෑ, දැනටත් ගිංතොට මහා විද්‍යාලයට පිට්ටනියක් නෑ. ඒ සඳහාවත් ඔවුන් ඉඩම් කොටසක් දුන්නේ නෑ. අපි ඉල්ලන්නේ මේ වටිනා ඉඩම රජයට පවරා ගන්න කියලයි.”

බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාව එහි සභාපති දිල්රුක් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කලේගාන පිහිටි සභා ශාලාවේදී රැස්විය.



අදහස් (0)

ගිංතොට තුනීලෑලි සංස්ථාවේ ඉඩම රජයට පවරා ගන්නැයි යෝජනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 304 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 158 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1823 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site