IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


මාර්ග නීති කැඩූ 53 ක් දැනුවත් කිරීමේ පන්තියට

(එෆ්.අස්ලම්)

බදුල්ලේ මාර්ග නීති නොපිළිපදිමින් වැරදි සිදුකරන රියදුරන් 53 දෙනෙකු විශේෂ මාර්ග නීති පිළිබඳ දැනුවත් කිරීමේ පන්තියකට යොමු කිරීමට බදුල්ල පොලිසිය පියවර ගෙන තිබේ.

බරපතල වැරදි හැර සුළු වැරදි සිදුකරන රියදුරන් මාර්ග නීති පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවකට යොමුකිරීමේ රජයේ දීපව්‍යාප්ත වැඩසටහනට සමගාමීව බදුල්ල නගර සීමාව ඇතුළු ආසන්න ප්‍රදේශවල මාර්ග නීති කැඩූ විවිධ තරාතිරම්වලට අයත් රියදුරන් 53 දෙනෙකු මෙම පන්තිය සදහා කැදවූ බව බදුල්ල කොට්ඨාස රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පියරත්න ඒකනායක මහතා පැවසීය‍.

බීමත්ව රිය පැදවීම්,වලංගු රියදුරු බලපත්‍ර නොමැතිව රිය පැදවීම්,ඇතුළු බරපතල මාර්ග නීති කැඩීම් හැර සුළු වැරදි සිදුකරන රියදුරන්ට මාර්ග නීති පිළිබඳ දැනුම්වත් කිරීමේ සහ රිය අනතුරු වළක්වාගැනීම පිළිබද දැනුම්වත් කිරීමේ විශේෂ පන්තියකට යොමුකළ බවද ඒ මහතා සදහන් කළේය.

ඉර කපා ඉස්සර කිරීම්,අනෙකුත් රියදුරන්ට සහ මහජනතාවට පීඩා ගෙන ආකාරයේ නලා සවි කිරිම්,වාහන වලට අමතර කොටස් බාහිරෙන් සවි කිරිම් වැනි වැරදි වලට සම්බන්ධ රියදුරන් දඩයක් හෝ නඩුවක් නොමැතිව මාර්ග නීති පිළිබඳ දැනුම්වත් කිරීමේ පන්ති ත්‍රිත්වයක් සඳහා යොමු කරන බවත් එකම රියදුරු තෙවරක්ම වැරදි කරමින් පන්ති ත්‍රිත්වයකට යොමු කළ පසුවත් වැරදි සිදුකරන්නේ නම් එම රියදුරුට එරෙහිව නීතිමය පියවර ගන්නා එවන් රියදුරන් හඳුනාගැනීමේ පහසුවට රතු,කහ,කොළ වර්ණක ස්ටිකර් ත්‍රිත්වයක් ඔවුන්ගේ වාහනවල අල්වන බවත් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.



අදහස් (1)

මාර්ග නීති කැඩූ 53 ක් දැනුවත් කිරීමේ පන්තියට

Kakiyana Kea. Tuesday, 17 December 2019 07:11 AM

ඉතාමත් හොද දෙයක්. විය යුතු දෙය මෙය වේ. රිය පැදවීමේ බලපත්‍ර අලුත් කරන විටදීත් වැරදි කළ අයට දිනක දැනුවත් කිරීමේ පන්තියක් පවත්වා නව බලපත්‍රය දෙන්න. එසේම වැරදි නොකරන අයට වසර 5 කින් පසු බලපත්‍රය වෙනත් වර්ණයකින් දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31973 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14419 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11220 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 17 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 277 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1221 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site