(කේ.බුද්ධික කුමාරසිරි)
අතුරුගිරිය වල්ගම පාර ප්‍රදේශයේ තාප්පයක චිත්‍ර අදිමින් සිටි පිරිසකට ආහාර පාන ලබා දීමට ගිය කඩුවෙල මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකුට ජාතික නිදහස් පෙරමුණේ පාක්ෂිකයෙකු බව කියන පුද්ගලයෙකු විසින් අද (17) පහර දී ඇති බව අතුරුගිරිය පොලිසිය කියයි.
මෙම මන්ත්‍රීවරයා චිත්‍ර අඳිමින් සිටින තරුණයින්ට ආහාර පාන ලබා දීමට එම ස්ථානයට ගිය අවස්ථාවේදී එහි සිටි ජාතික නිදහස් පෙරමුණේ පාක්ෂිකයෙකු සමඟ ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුවී ඇති බව පොලිසිය පැවසීය.
අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පහර දීමට සම්බන්ධ සැකකාර පුද්ගලයා සොයා ඔහුගේ නිවසට ගියද සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd