( ක.ග.කරුණාරත්න සහ නිමල් ජයරත්න)
ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයේ විසූ වන අලියකු මනම්පිටිය ප‍්‍රදේශයේ පිහිටි ගෙවත්තක ඇද තිබූ අනාරක්‍ෂිත විදුලි රැහැනක දැවටී විදුලි සැරවැදී අද (18) මිය ගොස් ඇතැයි වනජීවි නිලධාරීහු පවසති.
මිය ගිය අලියා අවුරුදු 25 ක් පමණ වයසැති පිරිමි සතෙකු බවත් රාත‍්‍රි කාලයේ ආහාර සොයා යමින් සිටියදී එම අනතුර සිදුව තිබේ.
වනඅලි ගම්වැදීම වැළැක්වීම සඳහා මෙම අනාරක්ෂිත විදුලි රැහැන ඇද තිබූ බව පොලීසිය සහ වනජීවී නිලධාරීන් විසින් සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.
මිය ගිය අලියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතය.
ඡායාරූප - නිමල් ජයරත්න
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
විදුලි සැර වැදී අලියෙක් මරුට