(ඩී.කේ.රත්න)
සෙවණගල කොවුල්ආර උතුර කටුපිල වැවේ දියනෑමට ගිය තරුණයෙකු අද (16) හවස දියේ ගිලී අතුරුදන්ව ඇතැයි සෙවනගල පොලීසිය පවසයි.
කුලියාපිටිය මඩකුඹුරමුල්ල පදිංචි ඩබ්.එම්.මධුශංක වීරසිංහ නැමති 28 හැවිරිදි තරුණයෙකු මෙසේ දියේ ගිලී අතුරුදන්ව තිබේ.
කුලියාපිටිය මඩකුඹුරමුල්ල ප‍්‍රදේශයේ පදිංචි පිරිසක් ප්‍රදේශයේ සංචාරයේ නිරතවන අතරතුර සෙවනගල කොවුල්ආර උතුර කටුපිල වැවේ දියනෑමට ගොස් සිටියදී මෙම අනතුර වී තිබේ.
දියෙ ගිලී අතුරුදන් වූ තරුණයා මේ වනතුරුත් සොයා ගෙන නැතැයි පොලීසිය කියයි.
සෙවනගල පෙලීසියේ නිලධාරීන් ඔහු සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd