(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල කරාපිටිය පිළිකා රෝහල පාරේ ගමන්ගත් පුද්ගලයෙක් අද (16) පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 5550 අත්අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි.
කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිපතිවරයාට ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු 35 හැවිරිදි අයෙකු වන අතර ගාල්ල කලේගාන පදිංචිකරුවෙකු බව ද පොලිසිය කියයි.
මොහු තදින්ම හෙරොයින් පානයට ඇබ්බැහි වූවකු බව මූලික පොලිස් පරීක්ෂණයේ දී අනාවරණය කරගෙන තිබේ.
සැකකරු හෙට (17) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd