IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


මීරිගම ප්‍රා.සබේ සභාපති ඉදිරිපත් කළ යෝජනාවකට එජාපයේ - ජවිපේ විරෝධය

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

පළාත් සභා පනතේ පවතින රට බෙදීමට තුඩු දෙන වගන්ති තුනක් ඉවත් කිරීම සහ මහ මැතිවරණය පළමුව පවත්වන ලෙස කරන යෝජනාවක්  මීරිගම ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් නන්දසිරි රණතුංග මහතා අද (17) පැවති මාසික සභා රැස්වීමට ඉදිරිපත් කළේය.

එම යෝජනාව සභා නීති වලට පටහැනි බව කියමින් එක්සත් ජාතික පක්ෂය , ජාතික ජනතා පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු සභාවෙන් ඉවත්ව ගියහ.

පළාත් සභාවලට වෙනම පොලීසියක් පවත්වාගෙන යාමට ලබාදී ඇති වගන්තිය, ඉඩම් අයිතිය ගැන සඳහන් ගන්තිය සහ පළාත් සභා දෙකක් හෝ කිහිපයක් එකතු කර ගැනීමට ඉඩ දෙන වගන්තිය ඉවත් කිරීමට යෝජනා කළ සභාපතිවරයා මෙම යෝජනා සම්මත කර ජනාධිපති වෙත යැවිය යුතු බවද සඳහන් කළේය.

ධම්මික අත්තනායක (එ.ජා.ප.) , එම්.පී.දිසානායක (එ.ජා.ප.) චමින්ද ලලිත්කමාර (ජ.වි.පෙ.) , කුමාර ගජනායක (ජාතික ජනතා පක්ෂය) යන මන්ත්‍රීවරු ඇතුලු විපක්ෂයේ නියෝජිතයන් සභාපතිවරයාගේ යෝජනාව ප්‍රාදේශීය සභා විෂය පථයට  අයත් නොවන බැවින් සභාවේ කතා කළ නොහැකි බවට විරෝධය දැක්වූ අතර පාලක පක්ෂයේ නියෝජිතයන් ඊට එරෙහිව අදහස් දැක්වූහ.

මෙම යෝජනාව සම්මත වූ බව සභාපතිවරයා ප්‍රකාශ කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ , ජාතික ජනතා පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු සභාවෙන් පිටව ගියහ.

 

 



අදහස් (0)

මීරිගම ප්‍රා.සබේ සභාපති ඉදිරිපත් කළ යෝජනාවකට එජාපයේ - ජවිපේ විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31973 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14419 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11220 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 17 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 277 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1221 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site