(ඔගස්ටින් ප්‍රනාන්දු)
කොහු මෝලක් තුළදී එහි සේවිකාවක අපහරණය කිරිමේ සිද්ධියකට වරදකරු වූ මෝල් හිමියාට බරපතල වැඩ සහිත වසර 20 ක සිරදඬුවමක් නියම කිරිමට හලාවත මහාධිකරණ විනිසුරු වයි.ප්‍රනාන්දු මෙනෙවිය අද (20) නියම කළාය.
සිරදඬුවමට අමතරව රුපියල් 20,000 ක දඩයක් ගෙවිමට නියම කළ මහේස්ත්‍රාත්වරිය අපහරණය වූ තරුණියට රුපියල් ලක්ෂ 10 ක වන්දියක් ගෙවීමට නියම කළාය.
දඩ මුදල නොගෙවන්නේ නම් මාස හයක කාලයකට බරපතල වැඩ සහිත සහිතව සිරදඬුවමක් ද රුපියල් ලක්ෂ 10 වන්දි මුදල නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත සහිත වසර දෙකක අමතර සිරදඬුවමක් ද නියම කෙරිණි.
මෙලෙස දඬුවම් නියම වුයේ හලාවත වීරකැලේ වත්ත පදිංචි රංකොත් පේඩිගේ නිමල් කුලරත්න නමැති ( 52 ) අයකුටය.
අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කළ අවස්ථාවේ දී සැකකරු තමන් නිවැරදිකරු බව පල කිරිමෙන් අනතුරුව නඩුවේ පැමිනිළි පාර්ශවයේ සාක්කි ඉදිරිපත් කෙරුණි.
අගතියට පත් තරුණිය නිතර අසනීප වන අතර ඇය සිය මව සමඟ මෙම මෝලේ කම්කරු සේවිකාවක ලෙසින් සේවය කරමින් සිටියදී කිසිවකු නොසිටි අවස්ථාවක දී සැකකරු ඇයට බලහත්කාරයෙන් මෙම අපරාධය කර ඇති බව සාක්කි අනුව අනාවරණය විය.
සැකකරු ප්‍රකාශයක් කරමින් තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා අතර ඇය රෝගිව සිටින නිසා ඇය තම මෝලේ සේවිකවක ලෙසින් බාර නොගත් බවත් පොලිසිය පැමිණ මෙම චෝදනාව නගමින් තමාව අත් අඩංගුවට ගත් අතර තමන් නිවැරදිකරුවකු බවත් කීය.
සාක්කි අනුව සැකකරු වරදකරුවකුව සිටි නිසා විනිසුරුවරිය ඔහුට මෙම දඩුවම නියම කළාය.
2025 නොවැම්බර් මස 17
56
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සේවිකාවක අපහරණය කළ වී මෝල් හිමිකරුට වසර 20 ක සිරදඬුවම්