IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


සෙන්ගල් ඔය අමුණ කඩා ගෙන යයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පල්ලම සෙන්ගල් ඔය අමුණ පැති බැම්ම කඩා ගෙන යාමෙන් ආරච්චිකට්ටුව ඇතුළු ප්‍රදේශ ගණනාවක් දැඩි අවදානමකට ලක්ව ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජීත් අලහකොන් මහතා අද (22) පැවසීය.

මෙම සෙන්ගල් ඔය අමුණේ පස් වලින් සකසා තිබූ එක් පැති බැම්මක් අධික ජල කඳට කැඩි යාම ආරම්භ වී තිබු අතර අද (22) වන විට එය බරපතල ලෙස කැඩී යාමට ලක්ව ඇත.

ආරච්චිකට්ටුව ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයේ ආනවිලුන්දාව රැම්සා අභය භූමිය ඇතුළු වැව් පද්ධතියට දැදුරු ඔයෙන් ගලා යන ජලය සෙන්ගල් ඔය අමුණ හරහා රැගෙන ඒමේ අරමුණින් මෙම අමුණ ඉදිකිරිම 2018 වසරේ මැයි මාසයේ 18 දින ආරම්භ කෙරිණි.

මෙයට පෙර මෙම අමුණ සකස් කර තිබුණ ද එය නිසි ලෙස සකස් කර නොතිබිමෙන් දැදුරු ඔයේ දැවැන්ත ජල කඳට කඩා ගෙන ගොස් තිබිණි.

කෙසේ නමුත් ජනතාව චෝදනා එල්ල කරන්නේ දැදුරු ඔයේ දැවැන්ත ජල කදට සෙන්ගල් අමුණේ පස් පැති බැම්ම නොගැලපෙන බව දැන දැනම නිළධාරින් එය එලෙසම සකස් කිරීමෙන් මෙලෙස කඩාගෙන ගොස් ඇති බවයි.

අමුණ කැඩි යාමත් සමඟ එයින් ගලා එන අධික ජල කඳ හේතුවෙන් පහළ පිහිටි ගම්මාන රැසක් ජලයෙන් යටවිමේ අවදානමක් පවතින බවත් මේ නිසාම කුඹුරු විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවී තිබේ. 



අදහස් (0)

සෙන්ගල් ඔය අමුණ කඩා ගෙන යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 56 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 890 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site