(ඩී.ජි.සුගතපාල)
වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනිමට ගිය ඌරගස්මංහන්දිය පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයෙකුට සහ සැරයන්වරයෙකුට වරෙන්තුකරු විසින් අද (22) දහවල් පිහියකින් ඇන තුවාල සිදුකිරීම නිසා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි ගාල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
ඇඹිලිපිටිය පොලිසියෙන් විවෘත වරෙන්තු ලබාසිටින වරෙන්තුකරුවෙකු වන සමරපාල ඩෙරික්ද සිල්වා හෙවත් මාළු සාගර නමැති අය ඌරගහස්මංහන්දිය බොරලුකැටිය ප්‍රදේශයේ සිටින බවට ලැබුණු තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනිමට ගිය අවස්ථාවේ ඔහු පොලිස් නිලධාරින් සමග පොරබදා පිහියකින් පහර දී පොලිස් නිලධාරීන්ට තුවාල සිදුකර පළාගොස් තිබේ.
පසුව වරෙන්තුකරුට පලායාමට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ ඔහුගේ බිරිඳ සහ දියණිය අත් අඩංගුවට ගෙන ඇති අතර පළාගිය වරෙන්තුකරු අත් අඩංගුවට ගැනිම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන්ට තුවාල