IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය පිළිසකර කරන්න අගමැතිගෙන් උපදෙස්

(නාලක සංජීව දහනායක)

කොළඹ කොටුව පාවෙන වෙළද සංකීර්ණය කඩිනමින් පිළිසකර කරන ලෙස  අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත.

පසුගිය වසර හතරහමාරක කාලය තුලදී මෙම වෙළද සැල් නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා මේ වනවිට වෙළදසැල් රාශීයක් වාසාදමා ඇත. එමෙන්ම පාවෙන වෙළදසැල් තිබෙන ඇලෙහි ජලය අපිරිසිදුවීම නිසා පසුගිය කාලයේදී පාරිසරික ප‍්‍රශ්නද මතුව තිබුණි.

එවකට ආරක්‍ෂක ලේකම්වරයා වූ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංඛල්පයක් අනුව පාවෙන වෙළද සංකීර්ණය 2014 වසරේදී ආරම්භ කෙරිණ. 

වෙළදසැල් 103න් සමන්විත මෙම වෙළද සංකීර්ණය ආරම්භ කිරීම සදහා රුපියල් මිලියන 312ක මුදලක් වියදම්ව ඇත. එම සම්පූර්ණ මුදලම වසර පහකින් අය කරගැනීමටද නාගරික සංවර්ධන අධිකාරිය සැළසුම්කර තිබිණ. එමෙන්ම මෙම වෙළද සංකීර්ණයේ ආරක්‍ෂාව සදහා යුද්ධ හමුදාව යෙදවීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.


   

 



අදහස් (1)

කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය පිළිසකර කරන්න අගමැතිගෙන් උපදෙස්

තිලින කමල් Wednesday, 18 December 2019 01:36 PM

ඔව් ඉතින් කොහෙන් හරි කොමිස් ගහන්න අවස්තාවත් හදාගන්න එපාය නේද? රෙජිමයට ඕනි විදියට දැන් ඕනි දෙයක් කල හැකි. කවුරුත් මුකුත් කියන්නෙ නෑ. හාල් ගිනි ගනන්. එලවලු මිල අහස උසට. සිමෙන්තිමිල 100 වැඩි කරල ආපහු 100 අඩු කලා. කාවද රවට්ටන්නෙ. එම්. සී.සී 30% දැන් හොදයිලු. බොරුවට කොල්ලො කෙල්ලෙ ටිකක් රවට්ට ගෙන පාරෙ තියෙන මාර්ග සලකුනුත් මක මක ආන්ඩුවෙ සල්ලි වියදම් කරවන ගමන් චිත්‍ර අදිනවා. දැන් මිනිස්සුන්ට අඩු ඔච්චර තමයි. කුස්සියට වෙනස දැනෙන කොට අප්‍රේල් වල කට්ටියට ගෙදර යන්න වෙන්නෙ. අපේ සජිත් මහත්තයා කොහොම හරි මුස්ලිම් අයගෙත් හිත දිනාගෙන උතුරෙනුත් හිත දිනාගෙන ඒ කට්ටියගෙන් එන අයත් එක්ක එකතු වෙලා 113 අරගෙන ඊ ලග පාර්ලිමේන්තුව පිහිටවල අගමැති වුනාම ජනාධිපති නිකම්ම නමට විතරයි. සිරිසේන මහත්තය වගේ රටට ආදරේ කෙනෙක් පත් වුනු නිසා ජනාදිපතිගෙ තිබුනු අසීමිත බලය නැති කරගන්න පුලුවන් වුනා. නැත්නම් ඉතින් රටට මොනව වෙයිද? කොහොමත් කුස්සියට දැනෙන වෙනසක් දෙන්න පුලුවන් වුනේ යූ එන් පී ආන්ඩුවකට විතරයි කියල දැන් නම් මිනිස්සු කතා වෙනවා, අප්‍රේල් වල ඒක මේ අයට බලාගන්න පුලුවනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 890 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site