IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


මස්කෙළිය ප්‍රා. සභා මන්ත්‍රීවරු 5ක් සත්‍යග්‍රහයක

(රංජිත් රාජපක්ෂ)    
                  
මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට වෛද්‍යවරුන් සහ හෙදියන් ලබාදෙන ලෙස බලකරමින් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු 5දෙනෙකු අද(19) රෝහල ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතවී සිටිති.
 
මෙම සත්‍යග්‍රහයේ යෙදී සිටින්නේ, දමිළ ප්‍රගිතිශීලී සන්ධානය නියෝජනය කරන කඳුරට ජනතා පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ සහ ජාතික කම්කරු සංගමය යන වෘත්තීය සමිති නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් පස්දෙනෙකි. ඒ, පී.ආනන්දන්, පී. රාජ්. අශෝකන්, කේ. රවින්දරාජ්, එස්. සුබ්‍රමණියම් , කේ. රාජ්. කුමාර්  යන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුය.
 
“නල්ලතන්නිය, මස්කෙළිය, සාමිමලේ යන ප්‍රදේශ ආවරණය වන පරිදි ස්ථාපනය කර  ඇති මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට දිනපතා තේ වතු ගණනාවක වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙනවා. රෝහලේ දැනට දිස්ත්‍රික් වෛද්‍යවරයා සහ තවත් වෛද්‍යයවරියන් දෙදෙනෙකු සේවයේ රැඳී සිටියත් එම වෛද්‍යවරුන් නිවාඩු ලබා ගන්නා අවස්ථාවල රෝගීන් දැඩි අසීරුතාවයට පත් වනවා. හෙදියන් සහ කාර්ය මණ්ඩලයේ ද විශාල අඩුවක් තිබෙනවා” යැයි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කියා සිටියහ.
 
මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ පවතින අඩුපාඩුකම් සම්බන්ධයෙන් මීට ප්‍රථම අවස්ථා කිහිපයකදිම මධ්‍යම පළාත් සෞඛ්‍යය අධ්‍යක්ෂකවරයා සහ නුවරඑළිය දිස්ත්‍රික් භාර නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා දැනුවත් කළද එයට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද ඔවුහු කීහ.
 
මස්කෙලිය ප්‍රාදේශීය රෝහලේ  නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට සහ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගැනීමට ප්‍රමාණවත් ඉඩ පහසුකම් ඇති බවත්, ශ්‍රී පාද වන්දනා සමයේදී හදිසියේ රෝගාතුර වන වන්දනාකරුවන්ද ප්‍රතිකාර ලබාදීමට රැගෙන එන්නේ මෙම රෝහලට බවත්, ඔවුහු පැවසූහ.
 



අදහස් (0)

මස්කෙළිය ප්‍රා. සභා මන්ත්‍රීවරු 5ක් සත්‍යග්‍රහයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31973 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14419 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11220 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 17 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 277 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1221 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site