IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


මොනරාගල පවුල් 1150ක් අවතැන්

(ප්‍රසන්න පත්මසිරි)

දින‍ දෙකක් තිස්සේ නොකඩවා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් 1150ක් අවතැන්ව සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක රවින්ද්‍ර කුමාර මහතා පැවසීය.

මොණරාගල දිස්ත්‍රික්කයේ දෙටගමුව,කිරිඉබ්බන්ආර,මිගහඅරාව,කිතුල්කටුව,හඹරළුව,අක්කර දෙක,මරගල,වෙහෙරගල,ඇතුලු ගංගා පිටාර ගලන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
  
කතරගම දෙටගමුව වැව පිටාර ගැලීමෙන් අවතැන්ව සිටින පවුල් 432ක 1275 දෙනෙකු ප්‍රදේශයේ ආගමික ස්ථාන කිහිපයක රඳවා ඇතැයිද ඒ මහතා කියාසිටියේය. දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඇළ දොළ ගංගා හා වැව් පිටාර ගැලීම නිසා පවුල් 650ක් පමණ අවතැන්ව සිටින බවත් ඔවුනට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමට කටයුතු කර තිබෙන බවත් අධ්‍යක්ෂක රවින්ද්‍ර කුමාර මහතා පැවසීය.

දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් නාය යාම හේතුවෙන් මාර්ග අවහිර වී ඇතැයිද අධ්‍යක්ෂකවරයා කීය.

(ඡායාරූප - කේෂර ගුණතිලක )



අදහස් (0)

මොනරාගල පවුල් 1150ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 56 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 890 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site