(ටී.කේ.ජී.කපිල)
ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (12) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මීගමුව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බව රේගුව කීය.
ඔහු සන්තකයේ තිබූ ගමන් මලු තුළ රුපියල් 11,88,000 ක් වටිනා විදේශීය නිෂ්පාදිත ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි 19,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 87 ක් සහ තවත් දුම්වැටි පැකට් 120 ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම දුම්වැටි සියල්ල රාජසන්තක කර ගුවන් මගියාට රුපියල් 30,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd