(ටී.කේ.ජී.කපිල)
ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (12) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මීගමුව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බව රේගුව කීය.
ඔහු සන්තකයේ තිබූ ගමන් මලු තුළ රුපියල් 11,88,000 ක් වටිනා විදේශීය නිෂ්පාදිත ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි 19,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 87 ක් සහ තවත් දුම්වැටි පැකට් 120 ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම දුම්වැටි සියල්ල රාජසන්තක කර ගුවන් මගියාට රුපියල් 30,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට