IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


වසර 9 කට පෙර සැකකරුවෙක් මියයාමේ නඩුවක් යළි කැඳවන්න නියෝග

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

වසර නවයකට පෙර අධිකරණයේ රැඳවුම්  නියෝග මත ඇඹිලිපිටිය පොලිසිය භාරයේ සිටි සැකකරුවෙකු මියයාම සම්බන්‍ධයෙන් නීතිපති උපදෙස් නොමැතිව වසර හයක කාලයක් තිස්සේ බහා ඇති නඩුවක් ලබන ජනවාරි 06 දින යළි කැඳවීමට නියෝග කළ ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.පී.ආර්.එල් විදානගමගේ මහත්මිය එදින අධිකරණයේ පෙනී සිටින ලෙස පැමිණිල්ල ඉදිරිපත් කළ ඇඹිලිපිටිය පොලිසියට අද (19) නොතීසි නිකුත් කළාය.

මෙසේ මියගොස් තිබුණේ ඇඹිලිපිටිය මොරකැටිය පාරේ පදිංචි රන්මුකගේ  අජිත් ප්‍රසන්න නොහොත් හීන්මල්ලී නැමැති 32 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම තැනැත්තාගේ මරණය සම්බන්‍ධයෙන් ඔහුගේ බිරිඳ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබාදීමෙන් පසු නීතීඥ අරවින්ද සමරසිංහ මහතා විසින් ඉදිරිපත් කළ මෝසමක් සළකා බැලීමෙන් පසු ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළාය.

මෝසම අනුව නඩුව යළි කැඳවු අවස්ථාවේ නීතීඥ එස්.වෙල්ලපිලි මහතා අධිකරණයට කරුණු දක්වමින් රන්මුකගේ අජිත් ප්‍රසන්න යන අය ඝාතනය සිද්ධිය සම්බන්‍ධයෙන් නීති උපදෙස් පතා එම උපදෙස් ලැබෙන තෙක් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවු බීආර් 1233/10 යන නඩුව බහා තැබීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියම කර තිබූ බව කීවේය.

එම කාලයේ ප්‍රධාන මහේස්ත්‍රාත්ව සිටියේ බන්දුල කරුණාරත්න මහතාය.

එදින සිට මෙතෙක්  එම නඩුව කැඳවීමක් සිදු නොවීය. එහෙත් මරණකරුගේ බිරිඳ විසින්  ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව පසුගිය 17 වැනිදා ප්‍රකාශයට පත් කරන ලදී.

එම තීන්දුව අනුව ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතිබව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබුණි.

ඒ අනුව ඇය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ පොලිස් නිලධාරීන් හත් දෙනෙකුට සිය පෞද්ගලික මුදලින් රුපියල් දශ ලක්‍ෂ හැත්තෑපන් දහසක් සහ රජයෙන් රුපියල් දශ ලක්‍ෂයක වන්දියක් ගෙවන ලෙස  නියෝග කර තිබුණි.

එම මුලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් දහ දෙනෙක් නම්කර තිබුණි.

සිද්ධිය වූ වකවානුවේ ඇඹිලිපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිරෝෂන් අබේකෝන්, පොලිස් සැරයන් සුරවීර ආරච්චිලාගේ වසන්ත, කොස්තාපල් හේවා සිංගපුලිගේ චමින්ද, කොස්තාපල් පුෂ්පකුමාර, ඇඹිලිපිටිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පීටර්, ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂක විජිත කුමාර, ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී ආනන්ද සමරසේකර, පොලිස්පති මහින්ද බාලසූරිය, ඇඹිලිපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිව සිටි උත්පල ආටිගල සහ නීතිපතිවරයා ලෙස පිළිවෙලින් වගඋත්තරකරුවන් ලෙෂ නම් කර තිබුණි.

අටවෙනි වගඋත්තාරකාර පොලිස්පති මහින්ද බාලසූරිය මහතාගේ නම පසුව සංශෝධනය කර පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ නම් ඊට ඇතුළත් කර තිබුණි.

එම තීන්දුව ලැබීමෙන් පසු එය පාදක කරගෙන ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ බහා තබා ඇති නඩුව කැඳවන ලෙස මෝසමක් මගින් අද ඉල්ලා සිටියේය.

නීතීඥ එස්.වෙල්ලපිලි මහතා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව සැකකරුවන් සම්බන්‍ධයෙන් ගැටලුවක් පැන නොනගින බවයි. එම නිසා සැකකරුවන්ට එරෙහිව නඩු පැවරිය හැකි නිසා මෙම නඩුව යළි විභාග කරන ලෙස ද ඉල්ලා සිටියේය.

මේ වනවිට ඉහත වගඋත්තරකරුවන් ඇඹිලිපිටිය පොලිස්ථානයේ සේවයෙන් ස්ථාන මාරු ලබා ඇති අතර කිහිප දෙනෙක් විශ්‍රාම ද ලබා ඇත.

නීතීඥවරයාගේ ඉල්ලීම සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එකී නඩුවේ පැමිණිල්ල ඉදිරිපත් කළ ඇඹිලිපිටිය පොලිසියට 2020 ජනවාරි 06 දින අධිකරණය හමුවේ පෙනී සිටන ලෙස නොතීසි නිකුත්කරන ලෙස නියම කළාය. එමෙන්ම නියෝගයේ පිටපත් නීතිපතිවරයා වෙත යැවීමට ද නියම කළාය.

මියගිය රන්මුකගේ  අජිත් ප්‍රසන්න යන අය 2010 ජුලි මාසයේ 18 දින  ඇඹිලිපිටිය හුළංදාව ප්‍රදේශයේදී මෝදක ශාන්ත නැමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්‍ධව කළ විමර්ශන අනුව ප්‍රශ්න කිරීම සඳහා තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ ඇඹිලිපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණි.

මියගිය තැනැත්තා වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා අධිකරණයේ රැඳවුම් නියෝගමත පොලිසියේ රඳවා තිබුණි.

මොදරවානේ පිහිටි කෙසෙල් ඉඩමක පාලු නිවසක සඟවා තිබූ ගිනිඅවියක් පෙන්වීමට 2010 ජුලි මාසයේ 18 දා රාත්‍රී 11 ට පමණ පොලිසිය සතු වෑන් රථයකින් මරණකරුව රැගෙන යද්දී මොදරවාන ප්‍රදේශයේදී වෑන්රියේ ගමන්ගත් පොලිස් කොස්තාපල්  චාමින්ද අත තිබු ගිනිඅවිය උදුරාගැනීමට එම පොලිස් නිලධාරියා සමඟ පොර බදද්දී මරණකරුට වෙඩිවැදී ඇති බව පවසමින් පොලිසිය එදිනම රාත්‍රී මරණකරුව රෝහල් ගතකර තිබුණි.

සැකකරු රෝහලේ දි මියගොස් තිබුණි. සිද්ධියේදී චාමින්ද නැමැති කොස්තාපල්වරයාට තුවාල සිදුවූ බව පවසා ඔහුද රොහල් ගත කර තිබුණි.

 

 



අදහස් (0)

වසර 9 කට පෙර සැකකරුවෙක් මියයාමේ නඩුවක් යළි කැඳවන්න නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 890 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site