(මුදිතා දයානන්ද)
වසර පහක පමණ කාලයක් තිස්සේ වසා දමා තිබෙන ජාතික කලාභවනේ ප්‍රතිසංස්කරණ කටයුතු ලබන ජනවාරියේ සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල මහත්මිය ලංකාදීපයට අද (18) පැවසුවාය.
මේ සඳහා රුපියල් මිලියන සීයක් වෙන්ව ඇතැයිද ජාතික කලාභවනේ ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමකට පිළිතුරු දෙමින් ගෝකුල මහත්මිය පැවසුවාය.
“කලාභවනේ ප්‍රධාන ශාලාව දෙපැත්තෙන් මහල් ගොඩනැගිලි දෙකක් ඉදිකිරීමටත්, ප්‍රධාන ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමටත් තමයි සැලැසුම් වුණේ.
මේ සඳහා වසර ගණනාවක් තිස්සේ ප්‍රතිපාදන වෙන් නොවීමේ ගැටලුවක් තිබෙනවා. ඒ වගේම අපි මේ කාර්යය භාරදුන්නේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවටයි. ඔවුන් දිගු කාලයක් තිස්සේ වැඩේ කරන බව පවසමින් සිට පසුව තමන්ට ඒක කරන්න බැහැ කිව්වා.
ඒ නිසා අපි තීරණය කළා මොරටුව විශ්ව විද්‍යාලයත් සමඟ එක්ව මේ කාර්යය කරන්න. මේ වසරේ අප්‍රේල් වල තමයි ඒ සඳහා මුදල් රුපියල් මිලියන සීයක් වෙන්කෙරුණේ. දැන් අපි පුවත්පත් දැන්වීම් පළ කර ටෙන්ඩර් කැඳවා ලබන ජනවාරි වන විට වැඩ ආරම්භ කිරීමට අවශ්‍ය කටුයතු කරගෙන යනවා.” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.
ප්‍රතිසංස්කරණයකට ලක් නොවීම නිසා ජාතික කලාභවනේ වහල හා වැහිපිලි දිරාපත්වීම හේතුවෙන් වැස්සට තෙමෙමින් එහි ප්‍රධාන ශාලාවේ ප්‍රදර්ශනය කර තිබූ ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන් විසින් අදින ලද සුප්‍රසිද්ධ චිත්‍රවලට හානි සිදුව තිබිණ.
ඒ අනුව එහි තිබූ චිත්‍ර ඉවත් කර දැමූ අතර පසුව ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කලාභවන වසා දමන ලද්දේ 2015 දීය.
එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මිලියන 42 ක් වෙන්කිරීමට 2018 දී කැබිනට් තීරණයක් ගෙන තිබුණ ද මෙතෙක් එය ක්‍රියාත්මක නොවිණි.
2025 නොවැම්බර් මස 17
56
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කලාභවනේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනවාරියේ ඇරඹේ