IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රැකියා ලක්‍ෂයක් බිහි කිරීමේ වැඩසටහන ජනවාරියේ ඇරඹේ

(නාලක සංජීව දහනායක)

දුප්පත්කම තුරන් කිරීමේ අරමුණින් රැකියා ලක්‍ෂයක් බිහි කිරීමේ වැඩසටහන ජනවාරි මස 15 වැනිදා ආරම්භ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (18) පැවැසීය.

ඒ අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින්ම 300 ත් 350 ත් අතර අතර පිරිසක් බදවා ගන්නා බවත් ඔවුන් පාසල්,රෝහල් සහ වෙනත් රාජ්‍ය ආයතන වලට අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවන පුරප්පාඩු සඳහා අනුයුක්ත කරන බවද ජනාධිපතිවරයා කීය.

එලෙස බදවා ගන්නා පිරිස් ඒ ඒ පළාත්වල රාජ්‍ය ආයතනවල පවතින වඩු , පෙදරේරු , කෘෂි , ධීවර , වන සංරක්‍ෂණ වැනි ක්‍ෂේත්‍ර සඳහා පුහුණුවීමකින් පසුව අනුයුක්ත කරන බවද හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම උපාධිධාරීන් දසදහසකට පමණ කළමණාකරණ හා ක්‍ෂේත්‍ර මට්ටමේ අධීක්‍ෂණ තනතුරු සඳහා රැකියා අවස්ථාද මේ යටතේ නිර්මාණය වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් පිහිටුවීම සඳහා ජනාධිපතිලේකම් කාර්යාලයේදී අද (18) පැවැති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ සමෘද්ධි සහනාධාරය ලබන හා එය නොලබන ඉතාමත් දිළිඳු මට්ටමේ පවුල් නගා සිටුවීම සඳහා බහුකාර්ය සංවර්ධන කාර්ය බලකාය පිහිටුවන බවය.

රටේ ශ්‍රම බලකායට දායකවිය හැකි එවැනි පිරිස් හඳුනාගෙන ඔවුන්ට පුහුණුව ලබාදී සුදුසු ක්‍ෂේත්‍රයන්හි රැකියා අවස්ථාවන් ලබාදීමට නියමිතය.

ඒ අනුව කිසිඳු අධ්‍යාපනයක් නොලද හෝ අඩු අධ්‍යාපනික මට්ටමක් සහිත නුපුහුණු පිරිස් මේ සඳහා තෝරා ගැනෙණු ඇත. එම බදවා ගැනීම් හා පුහුණුවීම් ආරක්‍ෂක අමාත්‍යංශයේ හා ත්‍රිවිද හමුදාවේ අධීක්‍ෂණය යටතේ සිදුකිරීමට නියමිතය.

රජයේ දේපළ නඩත්තුව සහ සිවිල් කාර්යයන් සඳහා රජයේ නියෝජිතයන්ට සහයවීම, ඩෙංගු ඇතුළු බෝවන රෝග මර්ධනයට දායකවීම, ස්වාභාවික ආපදාවලදී සහය ලබාගැනීම, ග්‍රාමීය යටිතල පහසුකම් නගා සිටුවීම, වෙරළ සංරක්‍ෂණයට සහය ලබාගැනීම එම රැකියා ලාභීන්ගෙන් අපේක්‍ෂා කෙරේ.

ඔවුන්ගේ හැකියාව සහ දක්‍ෂතාවය මත විදේශ රැකියා අවස්ථා උදාකරදීම ද මෙහිදී අපේක්‍ෂා කෙරෙන අතර දස වසරක සේවා කාලයකින් පසුව ඔවුන්ට විශ්‍රාම වැටුප ලබාදීමටද සැළසුම් කර තිබේ.

එමෙන්ම වාර්ෂික කෘෂි නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වියදම්වන රුපියල් මිලියන 200 මුදල පහළ මට්ටමකට ගෙන ඒමට ක්‍රියාකරන බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා එහිදී පැවැසීය.

සුදුසුකම් අවශ්‍ය නොවන රැකියා සඳහා අධ්‍යාපන මට්ටම් මත බදවාගැනීමෙන් සිදුවූ දේශපාලනික වැරැද්ද නිවැරදි කර අඩාල වූ සේවාවන් විධිමත්ව ලබාගැනීමට මෙය අවස්ථාවක් වන බවත් සුදුසුස්සාට සුදුසු තැන ලැබෙනු ඇති බවත් එහිදී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කළේය.

රුපියල් 350ක් සමෘද්ධි ආදායමක් ලැබූ පිරිසට රුපියල් 35000ක ආදායමක් ලැබීමට මේ හරහා හැකියාව ලැබෙන බවත් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් රටතුළ ආකල්පමය වෙනසක් කිරීමට හැකිවනු ඇතිබවත් ජනාධිපතිවරයා කීය.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන්වන ශෙහාන් සේමසිංහ, තාරක බාලසූරිය, නාමල් රාජපක්‍ෂ, ඩී.වී චානක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (1)

රැකියා ලක්‍ෂයක් බිහි කිරීමේ වැඩසටහන ජනවාරියේ ඇරඹේ

R.g.asanka madusanka bandara Sunday, 23 August 2020 01:45 PM

මාත් දැම්මා. රඹුක්කන කෙම්පිටිකන්දෙන්. අපි අපේ ගමෙන්ම දුප්පත්ම. ගෙදර විදුලිය නැහැ, ගේ හදාගන්න හරියට වත්කමක් නැහැ. අවුරුදු 2යි මාස 8ක පුතෙක් ඉන්නවා. කකුලක් ආබාධිතයි. මටත් රැකියාවක් ලබාදෙන්න ජනාධිපතිතුමනි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site