(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ජාත්‍යන්තර තේ දිනයට සමගාමීව කඳුකර ප්‍රජාවගේ අභිමානය සුරැකීමේ ව්‍යාපාරය සහ ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ උත්සවයක් අද (15) හැටන් ඩී.කේ.ඩබ්. සංස්කෘතික ශාලාවේදී පැවැත්විණි.
වතු කම්කරු ප්‍රජාවගේ සහභාගිත්වයෙන් ඔවුන්ට ආවේණික වූ විවිධ සංස්කෘතිකාංග ඇතුළත් පෙළපාලියක් ද මෙම උත්සවයට සමගාමීව පැවැත්විණි.
වතු කම්කරුවන්ගේ ඉතිහාසය සම්බන්ධව එම්. සත්‍යවේල් පියතුමා විසින් රචනා කරන ලද ග්‍රන්ථයක්ද මෙම උත්සවයේදී එළිදැක්විණි.
ජාත්‍යන්තර තේ දිනය වෙනුවෙන් වතු කම්කරු පවුල්වල දරුවන්ගේ චිත්‍ර හා රචනා තරඟයක් ද පැවැත් වූ අතර එයින් ජයග්‍රහණය කළ සිසුන් සඳහා ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරීමද සිදුකෙරිණි.
මීට අමතරව වතු කම්කරුවන් ඇගයීමට ලක් කර ඔවුන්ට ද සිහිවටන ඵලක බෙදා දීමක්ද මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාවට එම්.සත්‍යවේල්, ඩික්ෂන් යන පියතුමන්ලා, කඳුකර ප්‍රජාවගේ අභිමානය සුරැකීමේ සංවිධානය හා ජාතික ක්‍රිස්තියානි සංගමයේ සාමාජිකයින්, දේශපාලන නියෝජිතයින්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල් නියෝජිතයින් සහ වතු කම්කරුවන් විශාල පිරිසක් එක්ව සිටියහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හැටන්හිදී ලෝක තේ දිනය සැමරේ