(රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව නගරයේ අපිරිසිදු ආකාරයෙන් වෙළඳසැල් පවත්වාගෙන ගිය වෙළඳසැල් හිමියන් 20 දෙනෙකුට එරෙහිව ලබන මස 7 වැනි දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.ජේ ගනේෂන් මහතා අද (15) පැවසීය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් බගවන්තලාව නගරයේ වෙළඳසැල් හදිසි පරීක්ෂාවකට ලක්කළ අවස්ථාවේ ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඔවුන් බගවන්තලාව නගරයේ ආපන ශාලා, බේකරි, සුපිරි වෙළඳසැල්, තොග සහ සිල්ලර වෙළඳසැල් පරීක්ෂාවට ලක් කළ අතර එහිදී ලේබල් රෙගුලාසි උල්ලංඝනය කිරීම්, ගුල්ලන් සහිත සහල් අලෙවි කිරීම්, අපිරිසිදු ආකාරයෙන් ආපන ශාලා පවත්වාගෙන යාම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම යන චෝදනා යටතේ මෙම වෙළඳසැල් හිමියන්ට චෝදනා එල්ලවිය.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් ආහාර ද්‍රව්‍යය අසුරා, ගබඩා කර තිබූ සහ අඩුපාඩුකම් සහිතව වෙළඳසැල් පවත්වාගෙන ගිය වෙළඳසැල් හිමියන්ට එම අඩුපාඩුකම් සපුරා ගැනීමට දින 14 ක කාලයක් ලබාදුන් බවත්, එම කාලය තුළ එම අඩුපාඩුකම් සපුරා නොතිබුණහොත් ඔවුන්ට එරෙහිවද නඩු පවරන බවත් ඒ මහතා සඳහන් කළේය.
මස්කෙලිය , කොටගල , ලිඳුල , අඹගමුව සහ කොත්මලේ යන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 25 දෙනෙක් මෙම පරීක්ෂාවට එක්වී සිටියහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අපිරිසිදු ලෙස වෙළඳසැල් පවත්වාගෙන ගිය 20 දෙනෙකුට නඩු
Chaminda Sunday, 15 December 2019 11:09 AM
අපි හිතනවා හැටන්වල තියෙන අපිරිසිදු හෝටල් ගැනත් නිසි පියවරක් ගනීවි කියලා.