(ටී. එල්. ජවුෆර්කාන්)
මඩකලපුව දිස්ත්‍රික්කයේ පවතින ගංවතුර තත්වය හේතුවෙන් අක්කර 4375ක වගා බිම් ජලයෙන් යටවී ඇතිබව දිස්ත්‍රික් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
බඩඉරිඟු, රටකජු, කව්පි, මුංඇට ඇතුළු වගා රැසක් මේ හේතුවෙන් විනාශ වී ඇත.
මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙල්ලවේලි, සෙන්ගලඩි, වාකරේ, කොක්කටිච්චෝලයි, කලුවාන්චිකුඩි, ආරයන්පති ඇතුළු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ කිහිපයකටම මෙම තත්වය බලපා ඇත.
මෙම දිස්ත්‍රික්කයේ වී වගාවට සමගාමීව ගොවීන් බහුලව උස්බිම් වගාකටයුතුවල යෙදී සිටින බවද, වගා විනාශවීමෙන් ඔවුන් ගැටලු රැසකට මුහුණ දී ඇතැයිද දෙපාර්තමේන්තුව කියයි..
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මඩකලපුවේ වගාබිම් අක්කර 4375ක් වැස්සෙන් විනාශයි