(ක.ග.කරුණාරත්න)
පුද්ගල නාශක පීඩන බෝම්බයක් අද (15) වැලිකන්ද,සිංහපුර ප‍්‍රදේශයෙන් හමු වූ බව වැලිකන්ද පොලිසිය කියයි.
ඒ ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික සහල් මෝලක තාප්පයකින් පිටත සුද්ධ පවිත්‍ර කරමින් සිටි කම්කරුවෙකු මේ බෝම්බය මුලින්ම දැක තිබේ.
පසුව පොලිසිය පැමිණ විමර්ශන සිදුකර එය නිශ්ක්‍රීය කර විනාශකර දැමීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ අරලගංවිල කඳවුරට දැනුම්දී ඇත.
මෙම පුද්ගලනාශක පීඩන බෝම්බය යුද සමයේ කොටි ත‍්‍රස්තවාදීන් විසින් රැගෙනවිත් අත්හැර දමන ලද එකක් වියහැකි බවට පොලසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd