මඩොල්සිම රෝබේරිය වතුයාය නායයෑමේ අවදානමක මඩොල්සිම රෝබේරිය වතුයායේ හිදගල කොටසේ නායයෑමේ අවදානමක් හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි පවුල් 49 කට අයත් පුද්ගලයින් 165 දෙනෙකු අද (12) හවස ඉවත් කළ බව මඩොල්සිම පොලිසිය පවසයි. 12 December 2019
කන්දකැටිය ප්‍රා.සභාවේ අයවැය වැඩි ඡන්ද 5 කින් පරාජය වෙයි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය ලේඛනය අද වැඩි ඡන්ද පහකින් කින් පරාජයට පත්විය. 12 December 2019
ඉන්දියානු කොන්සල් ජනරාල් ඌව පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි ඉන්දියානු කොන්සල් ජනරාල් ප්‍රේම් කේ නායිර් මහතා සහ ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා අතර විශේෂ හමුවක් අද (12) පැවති බව ආණ්ඩුකාරවර කාර්යාලය කියයි. 12 December 2019
කැළි කසල කන්ටේනර් වෙනත් ප්‍රදේශවලට ගෙනයාම වැළක්වීමේ අතුරු නියෝගය තවත් දිගු වෙයි කොළඹ වරාය පර්යන්තයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා තිබෙන එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන සායනික අපද්‍රව්‍ය සහිත කැළි කසල අඩංගු බහාලූම් ( කන්ටේනර් ) දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශ වලට රැගෙන යාම වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝගය මෙම මස 18 දින දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණ නියෝග කෙරිණි. 12 December 2019
මාධ්‍යවේදීන්ට පහරදුන් දෙදෙනෙකුට ඇප මාධ්‍යවේදීන්ට පහර දීම හා අයුතු අවහිරයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිට අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනෙකු රුපියල් 2000 ක මුදල් ඇප සහ ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද(12) නියම කළේය. 12 December 2019
හිඟුරාණ සීනි කම්හලේ සේවකයින්ගෙන් මැසිවිල්ලක් වසර 26කට පෙර හිඟුරාණ සීනි කර්මාන්තය පෞද්ගලීකරණය කිරීමේදී එවකට සිටි ස්ථිර සේවකයින්ට සේවා කාලය අනුව 10% කොටස් මුදල් ලබාදෙන බවට හිමිකම්පත් ලබාදී ඇති නමුත් එම මුදල් මේ දක්වා ලබාදී නැති බව හිමිකම්ලාභී සේවකයෝ පවසති. 12 December 2019
මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙකු අත්අඩංගුවට මන්නාරම පල්ලෙමුනේ ප්‍රදේශයේදී මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් සිව්දෙනෙකු අද (12) අලුයම නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ. 12 December 2019
මාවනැල්ල බුදු පිළිම කැඩූ 20 දෙනා තවදුරටත් රිමාන්ඩ් මාවනැල්ල බුදු පිළිම කැඩූ සිද්ධියේ සැකකරුවන් 20 දෙදෙනා දෙසැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද (12) නියෝග කළේය. 12 December 2019
සොරණතොට ප්‍රා.ස අයවැය වැඩි ඡන්ද 8කින් සම්මතයි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය අද(12) වැඩි ඡන්ද 08 කින් සභා සම්මත විය. 12 December 2019
සා පෙළ ලියන්න ගිය සිසුවා බසයෙන් ඇද වැටෙයි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට බස් රථයකින් යමින් සිටි සිසුවකු බස් රථයෙන් ඇද වැටී ප්‍රතිකාර කර විභාගය ලිවීමෙන් පසුව නැවතත් රෝහල්ගත කර අැත. 12 December 2019
ටිපර් රථයේ සොරා මුහුණුපොතෙන් අල්ලයි හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා මධ්‍යස්ථානයකින් සොරා ගත් ටිපර් රථයක් විකිණීමට තැත්කළ පුද්ගලයෙකු කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේදී අද (12) අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 12 December 2019
සන්නිවේදන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ අරඹයි තාක්ෂණ සන්නිවේදන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා පොල්හේන්ගොඩ පිහිටි එම අමාත්‍යංශයේ දී අද (12) රාජකාරි ආරම්භ කළේය. 12 December 2019
ගාලුමුවදොර මංතීරුවල විදුලිපහන්වලට සූර්ය පැනල සවිකරන්න යයි ගාලුමුවදොර පිටියේ ඇවිදින මංතීරූවල සවිකර තිබෙන විදුලි පහන්වලින් වැඩි ආලෝකයක් ලබාගැනීම සඳහා සූර්ය පැනල සවිකරන ලෙස වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. 12 December 2019
ගෙවත්තේ නිධන් සෙවූ ඉඩම් හිමියා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට පාදුක්ක තුන්නාන මහකන්ද ප්‍රදේශයේ සිය නිවස පිටුපස ගල්කුලක් කඩමින් නිධන් සෙවූ බව කියන ඉඩම් හිමියා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු නිධන් සෙවීමට යොදා ගත් උපකරණ කිහිපයක් ද සමගින් අද (12) සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි . 12 December 2019
සැර අලියා අල්ලා ගස් බඳියි ඇළහැර බකමූණ කුමාර ඇල්ල ප්‍රදේශයේ ජන ජීවිතයට හානි වන ලෙසින් හැසිරුණු වන අලියකු අල්ලා ගස් බැඳීමට අද (12) වනජීවී නිලධාරීහු සමත් වූහ. 12 December 2019
විදේශ රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට විදේශ රටවල රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා රුපියල් කෝටි පහකට අධික මුදල් වංචාකර සැඟවී සිටිබව කියන පුද්ගලයෙකු පොලොන්නරුව,කදුරුවෙල,මුස්ලිම් කොළණිය ප්‍රදේශයේ නිවෙසකදී අද (12) අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලීසිය කියයි. 12 December 2019
දැදුරුඔයේ නීතිවිරෝධීව වැලි ගොඩ දැමූ අයෙක් අත්අඩංගුවට පල්ලම විලත්තව දැදුරුඔය මායිමේ අධිකරණ නියෝග කඩකර නීතිවිරෝධී ලෙස වැලි ගොඩදමමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පල්ලම පොලීසිය පවසයි. 12 December 2019
මාතලේ පාසල් ඇතුළු ස්ථාන 200 කට නගර සභාවෙන් රතු නිවේදන මාතලේ නගර සභා සිමාවේ ඩෙංගු රෝගය ව්‍යාප්තවන අන්දමින් ස්ථාන පවත්වාගෙන ගිය පාසල් ඇතුළු ස්ථාන 200 කට රතු නිවේදන නිකුත් කළ බව මාතලේ මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ.එස්. අෆ්කර් මහතා පැවසීය. 12 December 2019
ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට ගිරාන්දුරුකෝට්ටේ ගල්පෝරුයාය ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ගල්කටස් වර්ගයේ ගිනි අවියක් , බෝර 12 වර්ගයේ පතුරොම් එකක් සහ අඟල් 17 ක් දිග කඩුවක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව ගිරාන්දුරුකෝට්ටේ පොලිසිය පැවසීය. 12 December 2019
රිය අනතුරකින් කාන්තාවක් මරුට කැකිරාව තෝනිගල ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක කැබ්රථයක් ගැටීමෙන් අද (11) සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය කියයි. 11 December 2019
වැසි ජලය ගලන ඇළ මාර්ග අවහිරවීමෙන් ඉරට්ටකුලමේ ජනයා අපහසුතාවයක වර්ෂාව හේතුවෙන් එකතු වූ ජලය නිසි අයුරින් ජලය ගලා යාමට තිබෙන ඇළ මාර්ගය අවහිර වීම හේතුවෙන් හලාවත මාදම්පේ දකුණු ඉරට්ටකුලම ප්‍රදේශවාසීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 11 December 2019
කංසා හේනක් වටලා අයෙක් අත්අඩංගුවට කතරගම කරවිලේ ප්‍රදේශයේ තිබූ කංසා හේනක් වටලා, ගිනි අවියක්ද සමඟ සැකකරුවකු අද(11) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු පවසති. 11 December 2019
දුරකතන සොරකම් කළ ත්‍රි රෝද රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට කලුතර ජංගම දුරකතන අලෙවි සැලක් කඩා රුපියල් රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා උසස් වර්ගයේ ජංගම දුරකතන අටක් සොරාගත් ත්‍රිරෝද රථ රියදුරන් දෙදනකු අද (11) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 11 December 2019
සූදු පොළක් වටලා 5 ක් අත්අඩංගුවට වඳුරඹ දෙල්ගහවලකන්ද ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය සුදු පොලක් වටලා මුදල් ඔට්ටුවට සුදුවේ යෙදී සිටි 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වඳුරඹ පොලිසිය පවසයි. 11 December 2019
මහියංගනයේ වැලි කැණීම තහනම් කලාපයක වැලි ජාවාරමක් මහියංගන මහවැලි පාලමේ ආරක්ෂාව සඳහා වැලි කැණීම් සපුරා තහනම් කරන ලද කලාපයේ, ‘වගාව’ නම් වු ගම්මානයේ, මහවැලි ගඟේ වැලි ගොඩදමන ජාවාරමක් ක්‍රියාත්මක වන බව ප්‍රදේශවාසීහු කියති. 11 December 2019
මහින්ද අමරවීර පෞද්ගලික බස් නැවතුම්පොළෙහි සංචාරයක දුර ගමන් සේවා බස්රථ රියදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ පහසුව වෙනුවෙන් කොළඹ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස්රථගාලේ ඉදිකළ විවේකාගරය සහ බස්රථ පිළිබඳව සොයා බැලීම සඳහා මාර්ග ප්‍රවාහන කළමණාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (11) නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 11 December 2019
බලපත් රහිතව තේක්ක කඳන් ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට බලපත්‍ර රහිතව තේක්ක දැව කඳන් විස්සක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් ලොරියද සමඟ අද(11) රන්දෙණිගල රජ මාවතේ හාරගම ප්‍රදේශයේදී තලාතුඔය පොලිසීයේ නිලධාරි කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙනඇත. 11 December 2019
මල්වතුඔය පිටාර ගැලීමෙන් පෙරිමියන්කුලමේ කූඹුරු විනාශයි පවතින වැසි තත්වය හේතුවෙන්, දින පහක් තිස්සේ අනුරාධපුර මල්වතුඔය පිටාර ගැලීමෙන් පෙරිමියන්කුලමේ කුඹුරු විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි ගොවීහු පවසති. 11 December 2019
තාරකා ඉබ්බන් 57 ක් සඟවාගෙන සිටි අයෙක් අත්අඩංගුවට තාරකා ඉබ්බන් 57 දෙනෙකු විදේශ රටවලට අලෙවි කිරීම සඳහා සඟවා තිබියදී අද (10) සොයාගත් බව පුත්තලම වනජීවි පාලන ඒකකය පවසයි. 10 December 2019
මිල්ලනිය ප්‍රා.සභාවේ සභාපතිට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් විරෝධය මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු සභාපති සංජීව කුලතිලක මහතාට අද (10) පැවති රැස්වීමේදී විරෝධය පළ කළහ. 10 December 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025