(මහේෂ් කිර්තිරත්න)
මාතලේ නගර සභා සිමාවේ ඩෙංගු රෝගය ව්‍යාප්තවන අන්දමින් ස්ථාන පවත්වාගෙන ගිය පාසල් ඇතුළු ස්ථාන 200 කට රතු නිවේදන නිකුත් කළ බව මාතලේ මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ.එස්. අෆ්කර් මහතා පැවසීය.
මාතලේ මහ නගර සභාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ බව පැවසිය.
මාතලේ නගර සභා සිමාවෙන් ඩෙංගු රෝගින් 410 දෙනෙකු වාර්තා වි ඇති බවත් ඉන් රෝගීන්ගෙන් 380 දෙනකු වාර්තාවී ඇත්තේ ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් 11 දින දක්වා කාලයේදී බවද ඒ මහතා පැවසීය.
මෙයින් ඩෙංගු රෝගය වැළඳුණු පාසල් සිසුන් දෙදෙනකු මියගොස් ඇත. හමුවූ රෝගීන්ගෙන් සියයට 50ක් වයස අවුරුදු 15ට අඩු පාසල් වයසේ සහ පෙර පාසල් වයසේ පසුවන සිසුන් බව බවත් මාතලේ මහ නගර සභා සීමාවේ මල්වත්ත පාර, විහාර පාර, කළුදෑවල වළගම්බා පෙදෙස, හුලංගමුව නාගොල්ල, දොඩන්දෙණිය ප්‍රදේශවල ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන ප්‍රදේශ බවට හඳුනාගෙන ඇත.
කිට විද්‍යා සමීක්ෂණවලට අනුව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානවලින් සියයට දාසයක් ශීතකරණ බවට හඳුනා ගෙන ඇති අතර නගරයේ පදිංචි බොහෝ මධ්‍යම පාන්තිකයන්ගේ නිවාස පරිශ්‍ර වැඩිපුර ඩෙංගු බෝවෙන ස්ථාන බවට හඳුනාගෙන ඇත.
නගර සභාව කළ වැටලීම්වලදී මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන ගිය 65 දෙනකුට නඩු පවරා රුපියල් හයලක්ෂ පනස් දහසක දඩ අයකරගෙන ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මාතලේ පාසල් ඇතුළු ස්ථාන 200 කට නගර සභාවෙන් රතු නිවේදන