(ඔගස්ටින් ප්‍රනාන්දු)
වර්ෂාව හේතුවෙන් එකතු වූ ජලය නිසි අයුරින් ජලය ගලා යාමට තිබෙන ඇළ මාර්ගය අවහිර වීම හේතුවෙන් හලාවත මාදම්පේ දකුණු ඉරට්ටකුලම ප්‍රදේශවාසීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
මාදම්පේ තිනිපිටිය වැවෙන් පිටාර ගලා යන ජලය සහ වැසි ජලය පැරණි ඕලන්ද ඇල හරහා මහ මුහුදට ගලා ගිය නමුත් මේ වන විට එම ජලය ගලා යන ඇල මාර්ගය අවහිර වීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවයකට ලක්ව තිබේ.
ඉරට්ටකුලම ප්‍රැන්සිස් මාවතේ වෙසෙන පවුල් 40 ක් පමණ මෙම ගැටළුවට මුහුණ පා සිටිති.
මේ හේතුවෙන් සෞඛ්‍ය ගැටලු රැසකටද මුහුණ දීමට සිදුව ඇති බව ඉරට්ටකුලම ප්‍රදේශවාසීහු කියති.
මේ සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියත් වගකිව යුතු කිසිම ආයතනයක් අවශ්‍ය පියවර ගෙන නොමැති බවද ඔවුහු කියති.
ඉරට්ටකුලම ජනතාවගේ ගැටළුව තමන් වෙත ද දන්වා ඇති බවත් මෙම ඇල මාර්ගය කොළඹ හලාවත මාර්ගය හරහා යා යුතු බවත් මේ වන විට ඊට යොදා ඇති බෝක්කුව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එය පුළුල් කරන ලෙස තමන් මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා ඇති බවත් පුත්තලගම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා පැවසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වැසි ජලය ගලන ඇළ මාර්ග අවහිරවීමෙන් ඉරට්ටකුලමේ ජනයා අපහසුතාවයක