IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


කැළි කසල කන්ටේනර් වෙනත් ප්‍රදේශවලට ගෙනයාම වැළක්වීමේ අතුරු නියෝගය තවත් දිගු වෙයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ ) 

කොළඹ වරාය පර්යන්තයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා තිබෙන එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන සායනික අපද්‍රව්‍ය සහිත කැළි කසල අඩංගු බහාලූම් ( කන්ටේනර් ) දිවයිනේ අභ්‍යන්තර ප‍්‍රදේශ වලට රැගෙන යාම වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝගය මෙම මස 18 දින දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණ නියෝග කෙරිණි.

 මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ  අද  (12)  කැඳවිණි.


මේ පිළිබඳ රස පරීක්ෂක වාර්තා ලබා දීමට නොහැකි වීම සම්බන්ධයෙන් කරුණු සහිත වාර්තාවක ඵදිනට අධිකරණයට ලබා දෙන  බව නීතිපති වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම රිට් පෙත්සම දෙසැම්බර් 18 වැනි දින යළි කැඳවන ලෙසද නියෝග කෙරිණි.


පාරිසරික යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත සිසිර කුමාර මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ,  රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපති නම් කරනු ලැබ ඇත.


ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.පෙත්සම්කරු ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥයෙකි.ජීව විද්‍යා උපාධිධරයෙකි.

සායනික අපද්‍රව්‍ය , ඉවතලන ප්ලාස්ටික් , මෙට්ට‍්‍රස් ආදි අපද්‍රව්‍ය තොගයක් එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇත.මෙම විදෙස් කැළි කසල මෙරටට ආනයනය කර ඇත්තේ මෙරටදී එම අපද්‍රව්‍ය වළලා දැමීම සඳහාය.මේ හේතුවෙන් පරිසර විනාශයක් සිදුවනවා සේම , ජනතාවගේ සෞඛ්‍යයටද හානි සිදුවේ.

මෙම විදෙස් අපද්‍රව්‍ය මඟින් පිටවන විෂබීජ හේතුවෙන් පිළිකා සහ වකුගඩු රෝග සෑදීමේ අවදානමක් ඇතිවේ.

මෙවැනි ක‍්‍රියාවන් සිදු කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබා ගත යුතුව ඇත.මේ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා ගෙස පෙත්සම්කරු මධ්‍යම පරිසර අධිකාරියට ලිඛිතව සැළ කර සිටියත් , මෙතෙක් ඒ පිළිබඳව යහපත් ප‍්‍රතිචාර ලැබී නොමැත.

එැබිවින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , ජාතික පරිසර පනතෙහි විධි විධනා උල්ලංඝනය කරමින් මෙරටට විදේශයන් හි සිට කැළි කසල ආනයනයට අවසර ලබා දී ඇති ලියකියවිලි බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද , මෙවැනි විදෙස් කැළි කසල ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , මෙරටට ගෙන්වා ඇතැයි කියන විදෙස් අපද්‍රව්‍ය සහිත කන්ටේනර් යළි එක්සත් රාජධානියට යැවීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.

පෙත්සම්කාර පරිසර සංවිධානය වෙනුවෙන් නීතීඥ නිල්මල් වික‍්‍රමසිංහ මහත්මියගේ උපදෙස් මත නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.නීතීපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය.



අදහස් (0)

කැළි කසල කන්ටේනර් වෙනත් ප්‍රදේශවලට ගෙනයාම වැළක්වීමේ අතුරු නියෝගය තවත් දිගු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31987 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14441 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11226 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 21 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1226 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site