(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ රෝවන් පෙරේරා)
තාරකා ඉබ්බන් 57 දෙනෙකු විදේශ රටවලට අලෙවි කිරීම සඳහා සඟවා තිබියදී අද (10) සොයාගත් බව පුත්තලම වනජීවි පාලන ඒකකය පවසයි.
එහදී මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද එම ඒකකයේ නිලධාරියෙකු පැවසීය.
පුත්තලම විරුතෝඩේ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක මෙම තාරකා ඉබ්බන් සඟවා තිබූ බවත් නිවස අවට වලවල් කිහිපයක ගල් ඉබ්බන් හා කිරි ඉබ්බන් දමා තිබූ බවත් එම නිලධාරියා සඳහන් කළේය.
පුත්තලම පාලවි ගුවන් හමුදා කඳවුරේ බුද්ධි අංශයට ලැබුණ තොරතුරක් අනුව සිදුකළ විමර්ශනයකදී මෙම තාරකා ඉබ්බන් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් තාරකා ඉබ්බන් තබ්බෝව අභය භුමියෙන් අල්ලා විදේශීය රටවලට යැවීමට සැලසුම් කර තිබූ බව එම නිලධාරියා පැවසීය.
වනජීවි භාරයට ගත් තාරකා ඉබ්බන් හෙට (11) අභය භූමියකට නිදහස් කිරීමට කටයුතු කරන බවත් වලවල් කිහිපයකට දමා තිබූ කිරි ඉබ්බන් හා ගල් ඉබ්බන් සොයා අදාල වලවල් ඉසීමට කටයුතු කරන බවත් වනජීවි නිලධාරීහු පැවසූහ.


COMMENTS
මෙවැනි දේවල් කරන පුද්ගලයින් අවුරුදු 10 කට වඩා හිරේ දැමිය යුතුයි.
යුරෝපයේ රටවල පොඩි ඉබ්බෝ මෙහෙ සුරතල් මසුන් විකුණන ආකාරයට විකුණන්න තිබෙනවා. ඉබ්බෝ මිනිස්සු සුරතලයට ඇති කරනවානම්, ඉබ්බෝ ඔච්චර වටිනවානම් විසිතුරු මසුන් ඇති කරන්න ආකාරයට කැමති කෙනෙකුට ඉබ්බෝ ඇතිකරන්න බලපත්‍ර දුන්නනම් ඉවරයිනේ. එතකොට කැලේ ඉන්න ඉබ්බෝ ටිකත් ඉතුරු වේවී. නිකන් හැම දෙයක්ම තහනම් කරමින් ඉන්නේ නැතුව ටිකක ඉස්සරහට හිතන්න.