(කාංචන කුමාර ආරියදාස සහ කග කරුණාරත්න)
ඇළහැර බකමූණ කුමාර ඇල්ල ප්‍රදේශයේ ජන ජීවිතයට හානි වන ලෙසින් හැසිරුණු වන අලියකු අල්ලා ගස් බැඳීමට අද (12) වනජීවී නිලධාරීහු සමත් වූහ.
පසුගියදා එම ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ සිටි පුද්ගලයකු පහරදී ඝාතනය කර නිවාස කිහිපයක් කඩා බිඳ දැමීම සහ වගාවන් රැසකට මෙම තනි අලියා හානි කළැයි ප්‍රදේශවාසීහු උද්ඝෝෂණය කළහ.
පසුව වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම වන අලියා 12 වැනිදා ප්‍රථම අල්ලා රැගෙන යන බවට පොරොන්දු වීමෙන් පසුව විරෝධතාකරුවන් ඉවත්වූ අතර වනජීවී නිලධාරීහු එදින සිට මෙම ප්‍රදේශයේ වන අලියාගෙන් සිදුවන හානි අවම කිරීම සඳහා රැකවල්ලා සිටියහ.
ගිරිතලේ පශු වෛද්‍ය කණ්ඩායම සහ වයඹ පළාත් බාර පසු වෛද්‍ය නිලධාරීන් ඒකාබද්ධ වී ඊයේ (11) රාත්‍රී සිට මෙම වන අලියා අල්ලා ගැනීම සඳහා මෙහෙයුම ක්‍රියාත්මක කර තිබිණි.
මේ වන විට අල්ලා ගස් බැඳ සිටින වන අලියා වයස අවුරුදු 35ක පමණ වන බව වනජීවී නිලධාරීහු පවසති.
මෙම වන අලියා ඇල්ලීම සඳහා 25 දෙනෙකුගෙන් යුත් වනජීවී නිලධාරීන් කණ්ඩායමක් දින එක හමාරක පමණ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි.
ඡායාරූපය - කාංචන කුමාර ආරියදාස
ඡායාරූප - කග කරුණාරත්න
(වීඩියෝ - කාංචන කුමාර ආරියදාස )
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
සැර අලියා අල්ලා ගස් බඳියි
Sarah kumara Thursday, 12 December 2019 11:32 AM
දක්ෂ කාර්ය ශූර නිලධාරී වනජීවී එකේ ඉන්නවා
AnandaR Thursday, 12 December 2019 05:41 PM
අර වීඩියෝ එක අස්සෙන් ඇහුන හොඩවැලේ තුවාලක් තියනවා කියලා. අලියට මොකුත් හානියක් එහෙම වුනොත් පස්සේ කියන්න එපා අපි නොවෙයි බැන්දේ එයාම කඹයක් අරන් බැඳගත්තා කියලා.
ඉරේෂ් එස් කුමාර Monday, 16 December 2019 11:34 AM
අන්තිමට අලියා මළ බව ආරංචි වුණා.
Ruwani Tuesday, 17 December 2019 08:39 AM
අලියා කොහොමද දන්නේ අලියා ජිවත් විය යුතු සිමාව ? සතුන්ට හරිම අසාධාරණයි. අලි වැටක් හදන්න.