IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


ගෙවත්තේ නිධන් සෙවූ ඉඩම් හිමියා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

(කේ බුද්ධික කුමාරසිරි )
 

පාදුක්ක තුන්නාන මහකන්ද ප‍්‍රදේශයේ සිය නිවස පිටුපස ගල්කුලක් කඩමින් නිධන් සෙවූ බව කියන ඉඩම් හිමියා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු නිධන් සෙවීමට යොදා ගත් උපකරණ කිහිපයක් ද සමගින් අද (12) සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි .
 
පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත පොලිස් නිළදාරීන් පිරිසක් විසින් වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් මල් පහන් පුදා ගල්කුල කඩා ඇතුලට කණිමින් සිටි බවත් එම අවස්ථාවේදී එක් සැකකරුවෙකු පළා ගිය බවත් පොලිසිය පවසයි.
 
තමන් පොලොන්නරුව ප‍්‍රදේශයේ දේවාලයක කපු මහතෙකුගෙන් සාස්තරයක් ඇසූ අවස්තාවේදී තම ඉඩමේ කෙලවරට වන්නට නිධානයක් තිබෙන බවට එම කපු මහතා විසින් පැවසූ නිසාවෙන් ගල් කුල කඩා තමන් ඇතුළු පිරිස විසින් නිධන් සෙවූ බවද ඉඩමේ හිමිකරු විසින් පොලිසියට පාපොච්චාරණය කර ඇති බවද පොලිසිය පවසයි.
 
සැකකරුවන් නිධන් සෙවීමට යොදා ගත් පුද පූජා බාණ්ඩ සමගින් කැණිම් කටයුතු සදහා යොදා ගත් බව කියන ගල් කුළුගෙඩි යකඩ ඉනි උදළු ආදි උපකරණ රැසක් ද තම භාරයට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත
 
අත් අඩංගුවට පත්ව ඇත්තේ පාදුක්ක තුන්නාන මහකන්ද ප‍්‍රදේහයේම පදිංචි පුද්ගලයින් තිදෙනෙකු වන අතර සැකකරුවන් අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.



අදහස් (0)

ගෙවත්තේ නිධන් සෙවූ ඉඩම් හිමියා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31987 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14441 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11226 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 21 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1226 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site