( විජේරත්න රත්නායක)
සොරණාතොට ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය අද(12) වැඩි ඡන්ද 08 කින් සභා සම්මත විය.
එම ප්‍රාදේශීය සභාවේ සභාපති නදීකා ප්‍රිශාන්ති දිසානායක (එ.ජ.නි.ස.) මහත්මිය විසින් අදාල අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් සෙසු මන්ත්‍රීවරුන් අදහස් දැක්වීමෙන් අනතුරුව ඡන්ද විමසීම සිදුකෙරිණි.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 12ක් සහ අයවැයට විරුද්ධව ඡන්ද 04 ක් ලැබිණි.
එහිදී එම සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නීල් ප්‍රේමතිලක, කුමාරසේකර බණ්ඩා, චිත්‍රමානෙල් රාජපක්ෂ හා ජ.වි.පෙ. නියෝජනය කරන අසෝක කීර්ති ජයලත් යන මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව ඡන්දය පාව්ච්චි කළහ.
එ.ජ.නි.සන්ධානය හා එ.ජා.ප.ය එක්ව පාලනය කරන සභිකයින් 16 දෙනෙකුගෙන් යුතු සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපතිනිය ඇතුළු සෙසු මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කළ අතර ඒ අනුව එම සභාවේ 2020 වසර සඳහා වූ අයවැය වැඩි ඡන්ද 08 කින් සභා සම්මත විය
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
සොරණතොට ප්‍රා.ස අයවැය වැඩි ඡන්ද 8කින් සම්මතයි