IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


රිය අනතුරකින් කාන්තාවක් මරුට

(කුෂාන් ජයවර්ධන)

කැකිරාව තෝනිගල ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක කැබ්රථයක් ගැටීමෙන් අද (11) සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය කියයි.

නවතා තිබූ ත්‍රී රෝද රථයක කැබ් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ ගල්කුලම ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.ජී. සීලාකුමාරි නැමැති 53 හැවිරිදි කාන්තාවකි.

අනතුරින් පසු තුවාල ලැබූ කාන්තාව කැකිරාව රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි.

එම අනතුර සිදුවන අවස්ථාවේ මියගිය කාන්තාව ඇතුලු පිරිස ගමන් ගත් ත්‍රීරෝද රථය මාර්ගය අසල නවතා තිබී ඇති බවත් පසුපසින් පැමිණි කැබ් රථයක් ත්‍රී රෝද රථයේ ගැටී ඇති බවත් පොලිසිය කියයි.

ත්‍රී රෝද රථය අනතුරට ලක්වන අවස්ථාවේ එහි පස් දෙනෙකු සිට ඇති අතර එම පිරිස එකම පවුලේ අය බව පොලිසිය කියයි.

අනතුරින් පසු බරපතල තත්ත්වයේ සිටි කාන්තාව ඇතුලු සිව් දෙනෙකු කැකිරාව රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කර තිබිණ.

අනතුරෙන් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු කැකිරාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි පවසයි.

ත්‍රී රෝද රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට මාරු කර යවා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි පවසයි.

කැබ් රථයේ හිමිකරු  පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හොරොව්පොතාන මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් කැබ්රථ රියදුරු හෙට (12) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බව පොලිසිය කීය.

 

 



අදහස් (0)

රිය අනතුරකින් කාන්තාවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31987 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14441 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11226 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 21 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1226 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site