(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු සභාපති සංජීව කුලතිලක මහතාට අද (10) පැවති රැස්වීමේදී විරෝධය පළ කළහ.
මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ රැස්වීම පැවැති අවස්ථාවේ විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට එක් වූ මන්ත්‍රීවරුන් තිදෙනාගෙන් දෙදෙනෙකුට ජ්‍යෙෂ්ඨත්වය අනුව බව පවසා උප සභාපති නිලන්ත ජයතිලක මහතා අසලම තිබෙන අසුන පැනවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු මෙලෙස සභාපතිවරයාට විරෝධය දැක්වූහ.
මෙතෙක් කලක් මිල්ලනිය ප්‍රාදේශීය සභාව සභාපති හා උප සභාපති ඇතුළු මන්ත්‍රීවරු 12 දෙනෙකු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ අතර විපක්ෂයේ මන්ත්‍රීවරු 10 දෙනෙකුගෙන් නියෝජනය විය.
මෙතෙක් කළක් විපක්ෂයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ ගිහාන් පෙරේරා හා උපුල් ප්‍රියදර්ශන මෙන්ම ජාතික ජනතා පක්ෂයේ ජයසේන රුද්‍රිගු යන මන්ත්‍රීවරු මෙසේ ආණ්ඩු පක්ෂයට එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd