IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


මාධ්‍යවේදීන්ට පහරදුන් දෙදෙනෙකුට ඇප

(කවිතා සුබසිංහ) 

මාධ්‍යවේදීන්ට පහර දීම හා අයුතු අවහිරයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිට  අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනෙකු රුපියල්  2000 ක මුදල් ඇප සහ ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප දෙකක්  මත මුදා හැරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද(12) නියම කළේය. 

එම්.වී හශාන් තාරුක සහ වජිර ලසන්ත කැප්පෙටිපොළ නැමති සැකකරුවන් දෙදෙනකු මෙලෙස ඇප මත මුදා හැරිණ.

ජලයට ප්‍රෙට්‍රල් මුසු වීමක් සම්බන්ධයෙන්  කඩවත ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකින් තොරතුරු විමසීමට ගිය  මාධ්‍යවේදීන් පිරිසකට බාධාකරමින් පහරදීමක් සම්බන්ධයෙන් ඉකුත් 10 වෙනිදා මාධ්‍යවේදීන් කඩවත පොලිසිය වෙත පැමිණිලි කර තිබුණි. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කඩවතදී සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන 11 වැනි දා මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේන් පසුව අද(12) දක්වා රිමාන්ඩ් ගත කර තිබූ අතර අද දින නඩුව කැඳවු අවස්ථාවේ දී සැකකරුවන් මෙලෙස ඇප මත මුදා හැරිණ.

ලබන මාර්තු මස 25 වැනි දා නඩුව නැවත කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

අගතියට පත් පාර්ෂවය වෙනුවෙන් නීතිඥ සුදර්ශන වික්‍රමරත්න මහතා ද විත්තිය වෙනුවෙන් නීතිඥ අතුල එස් රනගල මහතා ද පෙනී සිටියහ. කඩවත පොලිසියේ පොලිස් සැරයන් (18899) පණ්ඩිතරත්න නිලධාරියා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.

 



අදහස් (0)

මාධ්‍යවේදීන්ට පහරදුන් දෙදෙනෙකුට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31987 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14441 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11226 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 21 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1226 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site