(කේ. බුද්ධික කුමාරසිරි)
හෝමාගම පනාගොඩ ප‍්‍රදේශයේ වාහන අලුත්වැඩියා මධ්‍යස්ථානයකින් සොරා ගත් ටිපර් රථයක් විකිණීමට තැත්කළ පුද්ගලයෙකු කුරුණෑගල ඉබ්බාගමුව ප‍්‍රදේශයේදී අද (12) අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල වඳුරැස්ස මාඑළිය ප‍්‍රදේශයේ පදිංචි29 හැවිරිදි පුද්ගලයෙකි.
පනාගොඩ වැලිපිල්ලෑව ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු තම ටිපර් රථය ප‍්‍රදේශයේ වාහන අලුත්වැඩියා මධ්‍යස්ථානයකට ලබාදී තිබියදී, කිසිවෙකු එය සොරාගෙන ගොස් ඇති බවට අතුරුගිරිය පොලිසියට ලද පැමිණිල්ලක් මත කළ පරීක්ෂණයේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
පොලිසිය එම මධ්‍යස්තානය ආසන්නයේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා පරීක්ෂා කර ඇත. එම ටිපර් රථයේ සහයකයෙකු ලෙස කලකට පෙර කටයුතු කළ පුද්ගලයෙකු විසින් රථය සොරා ගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වූ බවද පොලිසිය කියයි.
සැකකරු සිය මුහුණු පොතෙහි වාහන විකිණීමට දැන්වීම් පළ කර ඇති ආකාරය දැක එම තොරතුරු අනුව පොලිස් උපාය දූතයෙකු යොදවා ටිපර් රථය මිලදී ගැනීමට සාකච්ඡා කර තිබිණි.
ටිපර් රථයට අදාළ ලියකියවිලි කිසිවක් නොමැතිව රුපියල් ලක්ෂ 31 කට එම රථය මිලදී ගැනීමට සැකකරු හා සාකච්ඡා කළ පොලිස් උපාය දූතයා, කුරුණෑගල ඉබ්බාගමුව ප‍්‍රදේශයේ සැකකරුගේ නිවසට ගොස් එහි සඟවා තිබූ රථය තම බාරයට ගෙන ඇත.
සැකකරු හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ටිපර් රථයේ සොරා මුහුණුපොතෙන් අල්ලයි