(රංජිත් කරුණාවීර)
මහියංගන මහවැලි පාලමේ ආරක්ෂාව සඳහා වැලි කැණීම් සපුරා තහනම් කරන ලද කලාපයේ, ‘වගාව’ නම් වු ගම්මානයේ, මහවැලි ගඟේ වැලි ගොඩදමන ජාවාරමක් ක්‍රියාත්මක වන බව ප්‍රදේශවාසීහු කියති.
දිවා රාත්‍රියේ නොකඩවා මෙම වැලි ජාවාරම ක්‍රියාත්මක කරන පිරිස ඔත්තුකරුවන් රැසක් යොදවා ඇතැයිද, ඔවුන්ගෙන් මිදී එම ප්‍රදේශයට පිවිසීම ද ඉතා අසීරු බවද ජනතාව කියා සිටිති.
වැලි ටැක්ටර් මහවැලි ගඟ තුළටම බස්සවා මහවැලි පාලමට හානි වන ආකාරයට එම පිරිස පරිසර විනාශය කරමින් සිටින බවද, ජාවාරම නතර කිරීමට වගකිවයුතු නිලධාරින් කර අරිමින් සිටින බවද ඔවුහු පවසති.
බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වගාව ගම්මානයේ කෙරෙන වැලි ජාවාරම් පිළිබඳව ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් මාස කිහිපයක ඉහතදී එම ප්‍රදේශයේ වැලි කැණීම් සඳහා නිකුත් කර තිබු බලපත්‍ර භූවිද්‍යා හා පතල් කාර්යාංශය විසින් අහෝසි කරන ලදී.
තහනම් කරනු ලැබූ වැලි තොටුපොල කිහිපයේ හා මහියංගන ලංකා පිඟන් සංස්ථාවට අයත් මහවැලි ගඟ ආසන්නයේ වු ඉඩමක පවතින වැලි මංකඩකින් ජාවාරම්කරුවන් මෙම කටයුත්ත සිදුකරන බව කියති. ලංකා පිඟන් සංස්ථාවේ ඉඩමේ වැලි තොටුපොලද බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කිරීම හේතුවෙන් මීට වසරකට දෙකකට පමණ පෙර අහෝසි කෙරිණි.
භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ බදුල්ල කාර්යාලය මගින් වැලි කැනීම සඳහා බලපත්‍ර ලබාදී තිබූ වැලි මංකඩවල බලපත්‍ර අහෝසි කර තිබුණද, නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ගං තොටුපොළ වෙත ට්‍රැක්ටර් බැස්ස වීම සඳහා කැපූ පාරවල් තවමත් වසා දැමීමට භූවිද්‍යා නිලධාරින් කටයුතු කර නැත. මේ හේතුවෙන් වැලි ජාවාරම්කරුවෝ ඉතා පහසුවෙන් ට්‍රැක්ටර් ගඟට බස්සවා විශාල පරිසර හානියක් කරමින් සිටිති.
නිලධාරින්ගේ රාජකාරී ප්‍රමාදය තවදුරටත් සිදු වුවහොත් වළක්වාගත නොහැකි පරිසර හානියක් වනු ඇතැයිද, ඉන් මහවැලි පාලමේ ආරක්ෂාවටත්, මහියංගන නගරයටත් ඉදිරියේදී විශාල තර්ජනයක් විය හැකි බවද මහියංගන ජනතාව පවසති.
ඡන්දය පැවති දින දෙකෙහි ට්‍රැක්ටර් 4ක් යොදාගනිමින් වැලි ගොඩ දමා ඇති බවත්, එලෙස ගොඩ දමන වැලි එම ප්‍රදේශයේ ගෙවතු 3ක 4ක ගබඩා බලපත්‍ර රහිතව ගොඩ ගසා ඇති බවත්, නව රජය බලයට පත් වීමත් සමග වැලි ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම අහෝසි කිරීම හේතුවෙන් මෙම ජාවාරම දැඩි ලෙස සිදුවෙමින් පවතින බවත් ජනයා පෙන්වා දෙති.
වැලි කැණීම් හේතුවෙන් වේරගංතොට මහවැලි පාලමට වු අතර, මීට මාස කිහිපයකට පෙර කෝටි 2ක පමණ මුදලක් වැය කර එය අලුත්වැඩියා කර තිබිණි.
බදුල්ල භූවිද්‍යා නිලධාරීන් රාජකාරි පැහැර හැරීම හේතුවෙන් මෙම ජාවාරම ඉහළ ගොස් ඇති බවද, එම රාජකාරි නිසි ලෙස ඉටුකිරීමට නිලධාරීන් යොමුකරන ලෙස ඉල්ලීමින් වරින් වර මහියංගන පොලිසිය ලිඛිත ඉල්ලීම් යොමු කර ඇති බවද, මේ වනතුරු ඊට ප්‍රතිචාර නොලැබූ බවද මහියංගන පොලිසිය පවසයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
මහියංගනයේ වැලි කැණීම තහනම් කලාපයක වැලි ජාවාරමක්